slc
logo
Home   |    News
මාර්තු 5, 2024
“ඉක්මනින්ම හොඳ දෙවන පෙළක් අප සාදා ගන්නවා “ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සහ මැදපෙළ පිතිකරුවනගේ මඳ අඩුපාඩුවක්ව පවතින හෙයින් ඉක්මනින්ම සාර්ථක දෙවන පෙළක් සකස් කර එය මග හරවා ගැනීමට ළඟදීම පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කරයි.

මේ වසර තුළ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට තරගාවලි තුනක්ම (එතෙර මෙතර) සංවිධානය කර ඇති අතර එමඟින් දෙවන පෙළ දක්ෂ ඉදිරිපෙළ පිතිකරුවන් කිහිපදෙනකුම බිහිවනු ඇතැයි පවසන උපුල් තරංග ඉන්දියාව වැනි රටවල සාර්ථක දෙවන පෙළක් ඇති හෙයින් ක්‍රීඩකයන් ආදේශ කිරීම ඔවුනට පහසු කාර්යයක් බව ද කීය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයට ලක්වීමෙන් පසු ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු යෙද වූ බව කී තේරීම් කමිටු සභාපතිවරයා අතිරේක ක්‍රීඩකයකු ලෙසට නිරෝෂන් දික්වැල්ල යැවීමට තීරණය කළේ පසුගිය දිනවල ඔහුගේ දක්ෂතා සහ පළපුරුද්ද මත යැයි ද කීවේය.

“ආරම්භක පිතිකරුවන් ලෙසට අපට තව යෙදවිය හැක්කේ ෂෙවෝන් ඩැනියල් සහ ලසිත් කෘස්පුල්ලේ පමණයි. මේ දෙදෙනාටම විස්සයි 20 තරගවල එතරම් අත්දැකීම් නොමැති අතර පසුගිය කාලපරිච්ඡේදයේදී ඔවුනගේ දක්ෂතා ද ඉහළ මට්ටමක නොතිබිණි. නිරෝෂන් දික්වැල්ල සමඟ මා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඔහු තුළ පවතින අඩු පාඩු ඉක්මනින්ම සකසා ගන්නා ලෙසටත් අප ඔහුට උපදෙස් දුන්නා“ යැයි ද උපුල් තරංග කියයි.

ෂෙවෝන් ඩැනියල් දක්ෂ පිතිකරුවකු වන අතර ඔහුට වසර දහයක් පමණම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවත් තිබෙනවා. විස්සයි 20 ලෝක කුසලානයත් ඇත්තේ අත ළඟමයි. ෂෙවෝන් වැනි ක්‍රීඩකයකු හදිසියේ බංග්ලාදේශ තරගාවලියට යොදවා එය අසාර්ථක වුවහොත් ඔහුගේ අනාගතයටත් එය බලපාවි. අපගේ යුතුකම වන්නේ එයින් බේරාගෙන ඔහුට හොඳ හැටි රැක ගැනීමයි.“

“පැතුම් නිශ්ශංක මේ වන විට සුව අතට පත්වෙමින් සිටින හෙයින් ඔහු එක්දින තරගාවලියට සහභාගි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

මේ වන විට පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියන්හි දක්ෂතා අතරට ඒමට ක්‍රීඩකයනට හොඳටම අවස්ථාව තිබෙනවා. පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චාමික කරුණාරත්න ඔහුට දතක ආබාධයක් ඇතැයි පවසා ඉවත් වුවා. දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ සහ නුවනිඳු ප්‍රනාන්දු අපට සිටින දක්ෂතම පිතිකරුවන්. ඔවුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අප පසුවන්නේ දැඩි අවධානයකිනුයි. නුවනිඳු කැමති අංක පහ ස්ථානයේ පන්දුවට පහරදීමටයි. ඔහු ආරම්භක පිතිකරුවකු නොවෙයි. ජාතික සුපර් ලීග් තරගාවලියේදී භානුක ආබාධයක් පිළිබඳව දැනුම් දී විවේක ගැනීමට තීරණය කර තිබෙනවා.“

තේරීම් කමිටුව ලෙස අප සෑම විටම තීරණ ගන්නේ කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු සමඟ සාකච්ඡා කරලයි. ඒ අතරම තේරීම් කමිටුවේ පස්දෙනාගේම අදහස් බලලා වැඩි කැමැත්තටයි අප මුල් තැනක් දෙන්නේ.

“ඉදිරිපෙළ පිතිකරුවන් අතරින් පන්දුවට පහරදෙන වේගය සියයට දෙසියයක් පමණ අපට ඇත්තේ දෙදෙනකුට පමණයි. එය සිව්දෙනකු හෝ පස්දෙනකු වන තෙක් වැඩි කර ගැනීමට හැකි නම් එය වැදගත්.“

දික්වැල්ල කණ්ඩායමට එක්කර ගැනීම ගැන මගේ මිතුරන් ද මාධ්‍යය සාමාජිකයන් සහ සමාජ මාධ්‍යය ද ප්‍රශ්න කර තිබුණා. දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් කළේ සුදු පැහැති පන්දුවෙන් ඔහු පෙන්වන දක්ෂතා සහ පළපුරුද්ද මතයි. මේ හැම තීරණයකටම නායකයාගේ සහ පුහුණුකරුගේ ද පූර්ණ කැමැත්ත ද පළ වී තිබෙනවා.

වනිඳුට තරග දෙකක තහනමකට මුහුණදීමට සිදු වූයේ අවසාන පන්දු ඕවරයේ ඇති වූ ඒ සිදුවීම පිළිබඳව ඔහුට ඇති වූ ආවේගය මතයි. ඒ පිළිබඳවත් අප ඔහු සමඟ සාකච්ඡා කළා.

මේ වන විට අපට අවශ්‍යව ඇත්තේ විස්සයි 20 තරගාවලියේදී පමණක් නොව එක්දින සහ ටෙස්ට් තරගාවලියන් වෙනුවෙන් ද සමබර කණ්ඩායම් ඉදිරිපත් කිරිම බව ද තේරීම් කමිටු සභාපති උපුල් තරංග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee