slc
logo
Home   |    News
මාර්තු 1, 2024
මහනුවරට හා ගාල්ලට ජය | මිනෝද් භානුකගෙන් ශතකයක්

Sri Lanka Cricket

මහනුවරට හා ගාල්ලට ජය
මිනෝද් භානුකගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති කොළඹ හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් මහනුවර පිලට හිමිවූ අතර, දඹුල්ල – ගාල්ල අතර තරගයෙන් ගාල්ල පිල කඩුලු එකක ජයක් වාර්තා කිරීමට සමත් වූවේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ හා මහනුවර අතර තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට මහනුවර පිල තීරණය කළ අතර, කොළඹ පළාත් පිල ලකුණු 215ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 6කට ලකුණු 221ක් ලබා ජය වාර්තා කළහ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදිමට තීරණය කොට ලකුණු 241ක් ලබාගත් අතර, ගාල්ල පළාත් පිල කඩුලු 9කට ලකුණු 242ක් ලබා ජයග්‍රහණය සනිටුවහන් කළේය.

මෙම තරග දෙකේදී වාර්තා වූ එකම ශතකය දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක පන්දු 116කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූවේය.

ගාල්ල පිලේ නායක දුනිත් වෙල්ලාලගේ, ෂෙහාන් ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, මහනුවර පිලේ නායක නිරෝෂන් දික්වැල්ල, කමීල් මිෂාර, සහන් ආරච්චිගේ හා කොළඹ පිලේ විෂාද් රන්දික අර්ධ ශතක වාර්තා කළහ.

කොළඹ පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 215 (ඕවර් 46.4)
ක්‍රිෂාන් සංජුල 25, චමිදු වික්‍රමසිංහ 40, දුෂාන් විමුක්ති 48, නුවනිඳු ප්‍රනාන්දු 11, විෂාද් රන්දික නොදැවී 59, ඉසිත් දේව් විජේසුන්දර 11 ( ළහිරු කුමාර 27/3, වනුජ සහන් 39/2)

මහනුවර පළාත් පිල කඩුලු 4කට ලකුණු 221 (ඕවර් 42)
නිරෝෂන් දික්වැල්ල 50, කමීල් මිෂාර 63, සහන් ආරච්චිගේ නොදැවී 58, අහන් වික්‍රමසිංහ 17, චාමික කරුණාරත්න නොදැවී 20 ( ප්‍රභාත් ජයසූරිය 26/2)

ගාල්ලට ජය

දඹුල්ල පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 241 (ඕවර් 48.3)
මිනොද් භානුක 102, ලසිත් කෘස්පුල්ලේ 12, පවන් රත්නායක 12, සොනාල් දිනූෂ 18, දුෂාන් හේමන්ත 21, ලක්ෂාන් සඳකැන් 38, අතිරේක 23 (මිලාන් රත්නායක 36/3, නිමේෂ් විමුක්ති 24/2, දුනිත් වෙල්ලාලගේ 49/2)

ගාල්ල පළාත් පිල කඩුලු 9ක් දැවී ලකුණු 242 (ඕවර් 47.1)
ෂෙහාන් ප්‍රනාන්දු 67, පසිඳු සූරියබණ්ඩාර 15, ධනංජය ලක්ෂාන් 34, දුනිත් වෙල්ලාලගේ 52, ළහිරු සමරකෝන් නොදැවී 53, අතිරේක 15 (විශ්ව ප්‍රනාන්දු 40/2, ලක්ෂාන් සඳකැන් 60/3)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar