slc
logo
Home   |    News
මාර්තු 22, 2024
මාතර ගම් ඇතුලේ වසර දෙකක් තුල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දැනෙන වෙනසක්

Sri Lanka Cricket

මාතර යනු දකුණු පළාතේ දකුණු වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයකි. එය දකුණු පළාතේ දෙවන විශාලතම නගරයයි. 2004 දෙසැම්බර් මාසයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් මාතර දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 858000ක් (2018දී ජන සංගණන වාර්තා අනුව) වන අතර පිළිවෙලින් සිංහල 809023, මුස්ලිම් 26618, ඉන්දියානු දෙමළ 12782, ශ්‍රී ලංකා දෙමළ 9246ක් ආදී වශයෙන් ජීවත්වෙති.

පාසල් ක්‍රීඩාවට යොමුවන වයස් ඛාණ්ඩය වූ වයස 10ත් 19ත් අතර දරු දැරියන් මාතර දිස්ත්‍රික්කය තුල 137254ක් සිටින අතර, එය දකුණු පළාතේ එම ඛාණ්ඩයේ වැඩිම පිරිස ලෙස සංඛ්‍යා ලේඛණවලින් පැහැදිලි වේ. එබැවින් ක්‍රමවත් සැලැස්මක් අනුව පාසල් දරුවන් තුල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ වගකීම සෑම ක්‍රීඩා සංගමයක් මාතර දිස්ත්‍රික්කය තුල කළ යුතු වේ.

මේ තත්ත්වය හොදින් වටහාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාගත දක්ෂයින් බිහි කිරීමේ වගකීම මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය වෙත පැවැරූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතියක් වූ ‘ක්‍රිකට් ගමට වැඩ සටහනින්‘ මාතර දිස්ත්‍රික්කය පුරා විශාල පිබිදීමක් ලබා ඇත්තේ ඒ අනුවය. සභාපති සනත් ජයසූරිය මහතා හා ලේකම් ප්‍රසන්න ගලප්පත්ති මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නායකත්වය සැමට ආදර්ශයක්වී ඇත.

වසර දෙකක් තුල මාතර දිස්ත්‍රික්කයේ පාසල් 36ක අළුතින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට හැකිවූ බව මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සඳහන් කර සිටී. වසර 2022 වනවිට මාතර දිස්ත්‍රික්කය තුල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 3ක් තිබූ බවත් අද වනවිට එය පාසල් 39ක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකිව තිබෙන බවත් මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප ලේකම් සිසිර වීරසිංහ මහතා සඳහන් කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් එම සියලු පාසල්වලට අති විශාල වියදමක් දරා කොන්ක්‍රිට් පැති විකට් හා ක්‍රිකට් ආම්පන්න කට්ටල ලබාදී ඇතැයි ද ඒ මහතා පැවැසීය. මේ තුලින් ජාතික තලයට දක්ෂ දරුවන් බිහිකර ගැනීමෙට හැකිව තිබෙන බව ඒ මහතා පැවැසීය.

“මේ වනවිට මාතර දිස්ත්‍රිතක්කයේ පාසල් 39ක් ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවී සිටිනවා. මෙයට වසර දෙකකට පෙර පාසල් 15ක් පමණයි ලෙදර් බෝල් ක්‍රිකට් ගැහුව්වේ. 19න් පහළ ක්‍රිකට් තිබුණේ පාසල් 3ක විතරයි. වසර දෙකක් ඇතුලත විශාල වෙනසක් කළා. අද පාසලක ක්‍රිකට් ගහන්න විශාල වියදමක් අවශ්‍යයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පහසුකම් දෙන නිසා තමයි අපට මේ වගේ පාසල් ක්‍රීඩාව දියුණු මට්ටමකට ගේන්න පුලුවන් වෙලා තියෙන්නේ. තව අලුතින් පාසල් පහසුකම් ඉල්ලුවොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඒ දේ ලබා දෙන්න පුලුවන්. සියලු පාසල්වල පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට වෙනම වැඩ පිළීවෙලක් ක්‍රියාත්මක වෙනවා “

“ දැන් අපට තියෙන අභියෝගය පාසල්වලින් එළියට එන දරුවන්ට පළමු පෙළ ක්‍රීඩා කරන්න ක්‍රීඩා සමාජයක් හැදීමයි. මාතර සර්වේසස් පිල ගවනර්ස් කප් තරගාවලියට පමණයි එක් වන්නේ. මාතර ක්‍රීඩා සමාජය ගහන්නේ දෙවැනි පෙළ පමණයි. ඉදිරියේදී පළමු පෙළ ක්‍රීඩා සමාජයක් බිහි කිරීමට අප උත්සහ කරනවා. අපේ සභාපති සනත් ජයසූරිය මහතා සමඟ ඉදිරියේදී වැඩ පිළිවෙලක් හදනවා“ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප ලේකම් සිසිර වීරසිංහ මහතා සඳහන් කළේය.

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee