slc
logo
Home   |    News
මාර්තු 17, 2024
විස්සයි 20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

වසර 2026දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක සභාව අනුමත කරයි. පෙරේදා (15) ඩුබායිහිදී රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණයගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩෙවියේ දැක්වේ.

එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය ද අනුමත කළ අතර, සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ගත්හ. මේ වසරේ ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 ද, 2026 තරගාවලියට සුදුසුකම් ලබන අතර, තරගාවලිය කණ්ඩායම් 20ක් අතරේ තරග 55කින් යුක්තය. 2026 පෙබරවාරි සහ මාර්තු මාසවලදී විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කෙරේ.

2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරක කණ්ඩායම් 2 (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව), ලෝක කුසලාන 2024 සංස්කරණයේ හොඳම කණ්ඩායම් 8, යුරෝපීය, ආසියානු, අප්‍රිකානු, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයේ හා ඇමරිකානු කලාපයේ සුදුසුකම් ලබන කණ්ඩායම් අයිසීසීය විසින් නම් කරනු ඇත.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සත්කාරකත්වය ලබාදෙන දෙවැනි අවස්ථාව මෙය වේ. ඉන්දියාව පළමු වරට 2016 තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් අතර ශ්‍රී ලංකාව 2012දී විස්සයි 20 ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේය.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයට දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් විසින් දැරීමට නියමිතය. එම තරගාවලිය එම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ක්‍රියාත්මක වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee