slc
logo
Home   |    News
මාර්තු 18, 2024
NSL තරගාවලියේ ගාල්ල තෙවැනි පූර්ණ ජයග්‍රහණය ලබයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයෙන් ජය ගැනීමට ගාල්ල පළාත් කණ්ඩායම සමත් වූවේය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම ගාල්ල පිල කඩුලු 10කින් මහනුවර පරාජය කළ අතර, මෙය ගාල්ල පිල මෙවර තරගාවලියේ ලබාගත් තෙවැනි පූර්ණ ජයග්‍රහණයවීම විශේෂත්වයක් වන අතර, මේ සමඟ ඔවුහූ ලකුණු සටහනේ පෙරමුණටම පැමිණියහ.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී පළමු ඉනිමට ලබාගත් ලකුණු 210ට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 248ක් ලබා ගත්තේය. මහනුවර දෙවැනි ඉනිම ලකුණු 144කට සීමාවූ හෙයින් ගාල්ල කිසිවෙකු නොදැවී ලකුණු 107ක් ලබා ජය තහවුරු කර ගත්තේය. තරගය ජය ගනිද්දී සංගීත් කුරේ හා ඹෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 51ක බැගින් ලබා සිටියහ.

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 210 ( ඕවර් 63.5)
පවන්ත වීරසිංහ 56, ලහිරු උදාර 19, කමිල් මිෂාර 21, වනුජ සහන් 56, අශේන් ඩැනියෙල් 20 (ධනංජය ලක්ෂාන් 26/3, නිමේෂ් විමුක්ති 21/3)

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 248 ( ඕවර් 78.4)
පසිඳු සූරියබණ්ඩාර 16, ධනංජය ලක්ෂාන් 68, විශාද් රන්දික 80, නිශාන් පීරිස් නොදැවී 29 (නිම්සර අතරගල්ල 72/3, ළහිරු උදාර 25/2, වනුජ සහන් 55/3)

මහනුවර පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 144 ( ඕවර් 47.2)
ළහිරු උදාර 22, කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 28, නිපුන් රන්සික 27 (නිශාන් පීරිස් 18/3, උදිත් ම8ධුෂාන් 49/3, රමේෂ් මෙන්ඩිස් 13/2)

ගාල්ල පිල දෙවැනි ඉනිම කිසාවෙකු නොදැවී 107 ( ඕවර් 17.2)
සංගීත් කුරේ නොදැවී 51, ඔෂධ ප්‍රනාන්දු නොදැවී 51 (නිම්සර අතරගල්ල 72/3, ළහිරු උදාර 25/2, වනුජ සහන් 55/3)

කොළඹට පළමු ඉනිමේ ජය

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (17) නිමාවට පත් වූ යාපනය හා කොළඹ අතර තරගයේ පළමු ඉනිමේ ජය කොළඹ පිලට අත්විය. කාසියේ වාසිය දිනාගත් යාපනය පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 491ක් ලැබූ අතර, පිළිතුරු ලෙස කොළඹ පිල කඩුලු 8කට ලකුණු 592ක් ලබා ගත්තේය. ඊයේ තරගය නතර කරද්දී යාපනය පිල කඩුලු 2කට ලකුණු 146ක් ලබා සිටියේය. මෙම තරගයේදී පන්දු 288ක් තුල හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 180ක් ලැබීමට නුවනිඳු ප්‍රනාන්දු සමත් වූ අතර, නිපුන් කරුණානායක හා දසුන් ශානක ශතක රැස් කළහ.

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 491 (ඕවර් 143.5)
නිශාන් මධුෂ්ක 53, රොන් චන්ද්‍රගුප්ත 128, නිපුන් කරුණානායක 119, සඳුන් වීරක්කොඩි 58, සන්තුෂ් ගුණතිලක 50, ජෙෆ්රි වැන්ඩසේ 25, චමත් ගෝමස් 16, අතිරේක 14 ( නිසල තාරක 91/2, චාමිකර එදිරිසිංහ 97/2, නිලාන් ප්‍රියදර්ශන 117/2, අශේන් බණ්ඩාර 22/2)

කොළඹ පිල පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 592 (ඕවර් 156)
හේෂාන් ධනුෂ්ක 41, දිමුත් කරුණාරත්න 37, නිපුන් ධනංජය 73, නුවනිඳු ප්‍රනාන්දු 180, අශේන් බණ්ඩාර 44, දසුන් ශානක 118, පැතුම් කුමාර 35, නිසල තාරක 20, අතිරේක 30 (සන්තුෂ් ගුණතිලක 66/2, ශෂික දුල්ෂාන් 113/2, ජෙෆ්රි වැන්ඩසේ 175/2)

යාපනය පිල දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 146 (ඕවර් 32)
නිශාන් මධුෂ්ක 44, හසිත බෝයගොඩ නොදැවී 50, රොන් චන්ද්‍රගුප්ත 40, අතිරේක 6 ( කළණ පෙරේරා 24/1, නිලාන් ප්‍රියදර්ශන 23/1)

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee