slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2024
ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට තවත් ලකුණු 145ක් අවශ්‍යව ඇත. මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස දස්කම් දක්වන රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල පිල දැනටමත් ලකුණු සටහනේ ඉදිරියෙන් සිටී.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 296ක් ලබාගත් අතර, ගාල්ල ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 394ක් රැස් කළහ. කොළඹ දෙවැනි ඉනිම ලකුණු 251කට සීමාවූ හෙයින් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 154ක ඉලක්කයක් ගාල්ලට එල්ල විය. ඊයේ තෙවැනි දිනට තරගය නතර කරද්දී ගාල්ල පිල කිසිවෙකු නොදැවී ලකුණු 9ක් ලබා සිටියේය.

ගාල්ල පළමු ඉනිමේදී ඔෂධ ප්‍රනාන්දු පන්දු 280කදී හයේ පහරක් හා හතරේ පහර 23ක් සමඟ නොදැවි ලකුණු 200ක් ලබාගත් අතර, එය මේ තරගාවලියේ මෙතෙක් වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතකය විය. මෙයට පෙර ගාල්ල පිලේ පසිඳු සූරියාරච්චි (ලකුණු 242) හා දඹුල්ල පිලේ පවන් රත්නායක (ලකුණු 240) ද්විත්ව ශතක වාර්තා කළහ.

කොළඹ පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (ඕවර් 78.3)
දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

ගාල්ල පිල පළමු ඉනිම සියලුම දෙනා දැවී 394 (ඕවර් 101.3)
ඔෂධ ප්‍රනාන්දු 202, නිශාන් පීරිස් 46, පසිඳ සූරියාරච්චි 33, ලක්ෂාන් එදිරිසිංහ 46, ධනංජය ලක්ෂාන් 16, අතිරේක 29 (ඉසිත විජේසුන්දර 45/6, ප්‍රභාත් ජයසූරිය 108/1, දිනුර කළුපහන 26/1, අශේන් බණ්ඩාර 53/1, නිපුන් ධනංජය 15/1)

කොළඹ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 251 (ඕවර් 62.4)
දිමුත් කරුණාරත්න 41, ක්‍රිෂාන් සංජුල 71, අශේන් බණ්ඩාර 86, ප්‍රභාත් ජයසූරිය 15 (ධනංජය ලක්ෂාන් 33/1, අසංක මනෝජ් 43/1, තිලංග උදේශ් 36/1, නිශාන් පීරිස් 77/5, සුමින්ද ලක්ෂාන් 37/1, රමේෂ් මෙන්ඩිස් 23/1)

ගාල්ල පිල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 9 (ඕවර් 5)

දඹුල්ල – යාපනය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල හා යාපනය අතර තරගයේදී දඹුල්ල පිල ලකුණු 439ක් ඉදිරියෙන් සිටී. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, සියලු දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය පිල ලකුණු 169කට දැවී ගියේය. දඹුල්ල පිල දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා සිටී.

දඹුල්ල පිල වෙනුවෙන් පළමු ඉනිමේදී 22 හැවිරිදි රනේෂ් සිල්වා පන්දු 176කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළේය. පන්දු 146කදි හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 112ක් ලබා ගැනීමට නායක සොනාල් දිනූෂ සමත් විය. දෙවැනි ඉනිමේදී චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 61ක් ලබා සිටී.

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 392 (ඕවර 122.3)
රිසිර වීරසූරිය 15, සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, අතිරේක 35 (ළහිරු මධුසංඛ 57/1, දිලුම් සුධීර 130/5, ජනිත් ලියනගේ 45/1, කල්හාර සේනාරත්න 49/2)

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 169 (ඕවර 51)
සදුන් වීරක්කොඩි 25, සන්තුෂ් ගුණතිලක 43, නිපුන් කරුණානායක 30, ජනිත් ලියනගේ 52, අතිරේක 14 (විශ්ව ප්‍රනාන්දු 51/2, නවීන් පුනාන්දු 34/2, ලක්ෂාන් සඳකැන් 42/2, වමිඳු විජේසිංහ 31/1, දුවිඳු තිලකරත්න 1/3)

දඹුල්ල දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 216 (ඕවර 62)
රනේෂ් සිල්වා 43, වමිඳු විජේසිංහ නොදැවී 61, නවීන් පුනාන්දු 45, අතිරේක 11(ජනිත් ලියනගේ 27/3, කල්හාර සේනාරත්න 43/2, ළහිරු මධුසංඛ 36/1, චමත් ගෝමස් 38/1)

 

 

 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee