slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2024
කොළඹ පරදා ගාල්ල අපරාජිතව අවසන් මහා තරගයට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයෙන් කඩුලු 10ක පූර්ණ ජයග්‍රහණයක් ලබාගත් ගාල්ල පිල අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව ඇති කැන්ඩි සමඟ අවසන් මහා තරගය මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ – ගාල්ල අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 154ක ඉලක්කයක් හඹාගිය රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල පිල කිසිවෙකු නොදැවී ලකුණු 156ක් ලබා ගත්තේය.

ගාල්ල පළමු ඉනිමේදී ඔෂධ ප්‍රනාන්දු පන්දු 280කදී හයේ පහරක් හා හතරේ පහර 23ක් සමඟ නොදැවි ලකුණු 200ක් ලබාගත් අතර, එය මේ තරගාවලියේ මෙතෙක් වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතකය විය. මෙයට පෙර ගාල්ල පිලේ පසිඳු සූරියාරච්චි (ලකුණු 242) හා දඹුල්ල පිලේ පවන් රත්නායක (ලකුණු 240) ද්විත්ව ශතක වාර්තා කළහ.

කොළඹ පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 296 (ඕවර් 78.3)
දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

ගාල්ල පිල පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 394 (ඕවර් 101.3)
ඔෂධ ප්‍රනාන්දු 202, නිශාන් පීරිස් 46, පසිඳ සූරියාරච්චි 33, ලක්ෂාන් එදිරිසිංහ 46, ධනංජය ලක්ෂාන් 16, අතිරේක 29 (ඉසිත විජේසුන්දර 45/6, ප්‍රභාත් ජයසූරිය 108/1, දිනුර කළුපහන 26/1, අශේන් බණ්ඩාර 53/1, නිපුන් ධනංජය 15/1)

කොළඹ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 251 (ඕවර් 62.4)
දිමුත් කරුණාරත්න 41, ක්‍රිෂාන් සංජුල 71, අශේන් බණ්ඩාර 86, ප්‍රභාත් ජයසූරිය 15 (ධනංජය ලක්ෂාන් 33/1, අසංක මනෝජ් 43/1, තිලංග උදේශ් 36/1, නිශාන් පීරිස් 77/5, සුමින්ද ලක්ෂාන් 37/1, රමේෂ් මෙන්ඩිස් 23/1)

ගාල්ල පිල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 156 (ඕවර් 40.5)
සංගීත් කුරේ නොදැවී 57, ඔෂධ ප්‍රනාන්දු නොදැවී 89, අතිරේක 10

දඹුල්ල – යාපනය ජය පරාජ නෑ

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල හා යාපනය අතර තරගයේදී දඹුල්ල පිල ලකුණු 439ක් ඉදිරියෙන් සිටී. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, සියලු දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය පිල ලකුණු 169කට දැවී ගියේය. දඹුල්ල පිල දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා සිටී.

දඹුල්ල පිල වෙනුවෙන් පළමු ඉනිමේදී 22 හැවිරිදි රනේෂ් සිල්වා පන්දු 176කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළේය. පන්දු 146කදි හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 112ක් ලබා ගැනීමට නායක සොනාල් දිනූෂ සමත් විය. දෙවැනි ඉනිමේදී චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 61ක් ලබා සිටී.

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 392 (ඕවර් 122.3)
රිසිර වීරසූරිය 15, සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, අතිරේක 35 (ළහිරු මධුසංඛ 57/1, දිලුම් සුධීර 130/5, ජනිත් ලියනගේ 45/1, කල්හාර සේනාරත්න 49/2)

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 169 (ඕවර් 51)
සදුන් වීරක්කොඩි 25, සන්තුෂ් ගුණතිලක 43, නිපුන් කරුණානායක 30, ජනිත් ලියනගේ 52, අතිරේක 14 (විශ්ව ප්‍රනාන්දු 51/2, නවීන් පුනාන්දු 34/2, ලක්ෂාන් සඳකැන් 42/2, වමිඳු විජේසිංහ 31/1, දුවිඳු තිලකරත්න 1/3)

දඹුල්ල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 257 (ඕවර් 69)
රනේෂ් සිල්වා 43, වමිඳු විජේසිංහ 66, නවීන් පුනාන්දු 45, ලක්ෂාන් සඳකැන් 34, අතිරේක 15 (ජනිත් ලියනගේ 27/3, දිලුම් සුධීර 69/2 කල්හාර සේනාරත්න 54/2, ළහිරු මධුසංඛ 57/1, චමත් ගෝමස් 38/1)

යාපනය පිල දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 368 (ඕවර් 67)
සදුන් වීරක්කොඩි 49, රොන් චන්ද්‍රගුප්ත 52, සන්තුෂ් ගුණතිලක 36, නිපුන් කරුණානායක 86, ජනිත් ලියනගේ 36, ළහිරු මධුසංඛ 30, රවිඳු ප්‍රනාන්දු නොදැවී 30, චමත් ගෝමස් 17, අතිරේක 23 (දුවිඳු තිලකරත්න 53/3, මුවින් අභිනාෂ් 81/2)

 

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee