slc
logo
Home   |    News
මැයි 9, 2024
අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙසින් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ව සිටිති.

දින 12 ක කාලයක් පුරා දිවෙන මෙම තරගාවලිය අවසන් මහ තරගය ඇතුළුව පැවැත්වෙන සමස්ථ තරග සංඛ්‍යාව 13 ක් වේ. අවසන් මහ තරගය මැයි මස 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කොළඹ – ශිකරි නුවන්තනා, අශානි කෞෂල්‍යා, තෂ්මිලා රුවන්තාරකි, මනුදි නානායක්කාර (නායිකා), දිනිති සේනානායක, ලක්නි නිම්සරා, ගයනා ගුණතිලක, නිකේෂා විජේසේකර, කවිශ්කා සත්සරි, හෂිනි ලියනගේ, තරුෂි තත්සරනි, නෙත්මි සංජලා, රශ්මි සෙව්වන්දි, තරුෂි නිලූෂා, මදාරා සමරකෝන්.

දඹුල්ල – අයේෂා ඩිලක්ෂනී, විමෝක්ෂා බාලසූරිය, ලිමිනි තිලකරත්න, විශ්මි සොයිසා, නිමේෂා අඹතලාව, හෂිනි ඉන්ද්‍රජිත්, සඳුනි බණ්ඩාර, පමෝදා ශයිනි, ජනදි අනාලි, විදුෂිකා පෙරේරා (නායිකා), දුලංගා දිසානායක, මල්ෂි නිරාෂා, ශලනී දසනායක, හරිනි පෙරේරා, නිලක්ෂි කාවින්ද්‍යා.

කැන්ඩි – ඉමල්ෂි යසාරා, තරුෂි උත්පලා, නෙත්මි ගුණරත්න, මලීෂා දේශානි, එම්. ලක්ශියා, සුමුදු නිසංසලා, ඩියෝනි නිර්මලා, රශ්මිකා සෙව්වන්දි (නායිකා), පුමුදි මෙත්සරා, දේවගේ ජෙගනාතන්, ශනිල්කා සෙත්යාගි, සෙව්මිනි ශෂිකලා, ඉසිරි මීගම්මන, නිමේෂිකා රත්නායක, දුලංජලී නවෝද්‍යා.

ගෝල් – නිමේෂා තරුණි, චුෂදි පීරිස්, හෝම් ද සිල්වා, කලනි යාපා, එරන්දි හංසමාලි, චමෝදි දේවින්ද්‍යා, තරුෂි සංජනා, දුමිෂා රදිශානි, දෙව්මි විහංගා (නායිකා), යසන්ති හේරත්, අශානි තලගුණේ, තරුෂි රාජකරුණා, යශදි චේතිමා, අශානි සමිින්දි, මිතිලි අයෝද්‍යා.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar