slc
logo
Home   |    News
මැයි 2, 2024
මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව මහනුවර පිල ලකුණු 69කින් ඉදිරියෙන් සිටී. මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 316ට පිළිතුරු ලෙස ගාල්ල පිල අද දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 247ක් ලබා සිටියේය.

ගාල්ල පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වූ අතර, ධනංජය ලකුෂාන් අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 47කට දැවී ගියේය. රමේෂ් මෙන්ඩිස් පන්දු 118කදී හතරේ පහර 6ක් එල්ල කළ අතර මේ හේතුවෙන් ගාල්ල ලකුණු පුවරුව ඉහළ ගියේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල මුලින් පන්දුවට පහරදීමට මහනුවරට ආරාධනා කළ අතර, පළමු දිනය නිමාවෙද්දී ගාල්ල පිල කඩුලු 8කට ලකුණු 279ක් ලබා සිටි අතර. අද දිනයේදී ඉතිරි කඩුලු දෙක ලකුණු 37ක් ඒක් වෙද්දී බිඳ වැටී ගියේය. පන්දු 99කදී හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට අශේන් ඩැනියෙල් සමත් වූවේය..

එක් අන්තයක් ආරක්ෂා කරමින් පන්දුවට පහර දුන් සිතාර ගිම්හාන මෙවර තරගාවලියේ ඔහුගේ දෙවැනි අර්ධ ශතකය රැස්කර ගැනීමට සමත්වීම කැපී පෙණුනි. සිතාර පන්දු 184කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 90ක් ලබා ගැනීමට සමත් විය. ගාල්ල පිලේ අසංක මනෝජ් කඩුලු 3ක් බිඳ හෙලූ අතර, තිලංග උදේශන, ධනංජය ලක්ෂාන් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

මහනුවර පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 279 (ඕවර් 86)
පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන 90, රවීන් යසස් 15, රවිඳු රත්නායක 10, අශේන් ඩැනියෙල් නොදැවී 50, ලසිත් ඇඹුල්දෙනිය 15, අතිරේක 8 ( ධනංජය ලක්ෂාන් 74/2, තිලංග උදේශන 56/2, අසංක මනෝජ් 46/3, ප්‍රවින් ජයවික්‍රම 48/1, රමේෂ් මෙන්ඩිස් 47/2)

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 247 (ඕවර් 70)
සංගීත් කුරේ 12, ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ෂාන් ඒදිරිසිංහ 19, විෂාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් නොදැවී 79, නිශාන් පීරිස් 17, අතිරේක 21( සිතුම් දිසානායක 48/2, නිම්සර අතරගල්ල 47/3, ලසිත් ඇඹුල්දෙනිය 65/2, පුලින තරංග 13/1)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee