slc
logo
Home   |    News
මැයි 12, 2024
ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු විට සී. සී. සී. සහ නුගේගොඩ, කුරුණෑගල සහ පානදුර සහ පොලිස් සහ රාගම යන තරග ප්‍රතිඵල රහිතව නිමාවට පත්විය. මෙහසිදී රාගමසහ පොලිස් අතර තරගය එකම පන්දුවක් හෝ නොයවා අත හැර දැමීම කැපී පෙනිණ.

පනාගොඩදී පැවැති තරගයේදී ඉසිරිත විජේසුන්දරගේ විනයගරුක පන්දු යැවීම හමුවේ කැන්ඩි කස්ටම්ස් පිල පන්දුවාර 16.3 කදී ලකුණු 78 කට සියලු දෙනා දැවී ගිය අතර එහිදී විජේසුන්දරගේ නම ඉදිරියෙන් ලකුණු 05 ට කඩුලු 3 ක් ලෙස සටහන් විය. ඊට අමතරව ජෙෆ්රි වැන්ඩර්සි සහ සචිත ජයතිල කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

එම හඹා යෑමේදී කැන්ඩි කස්ටම්ස් පන්දු යවන්නන් බ්ලූම්ෆීල්ඩ් පිලේ පළමු කඩුලු 5 ම දවා ගනිමින් හඹා යෑම අසීරුතාවයකට පත් කිරීමට සමත් වුවත්, තරිඳු ගුරුගේ සහ ළහිරු මදුශංක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 48 ක සම්බන්ධතාවක් පවත්වමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම නිරුපද්‍රිතව ජයග්‍රහණය කරා රැගෙන ගියය.

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 5 ක ජයක්

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවී ලකුණු 78 (තෙවිඳු දික්වැල්ල 25, ඉසිත විජේසුන්දර 05/3, සචිත ජයතිලක 12/2, ජෙෆ්රි වැන්ඩර්සේ 19/2

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 13.5 කදී කඩුලු 5 ට ලකුණු 81 යි – (තරින්ද ගුරුගේ 32, ලහිරු මධුශංක 25*, අස්ජාත් ඛාන් 17/3)

 

සී.සී.සී. – නුගේගොඩ තරගයට වර්ෂාවෙන් බාධා

සී.සී.සී. පන්දුවාර 5.3 කදී කඩුලු 3 ට ලකුණු 52 යි (පවන් ද සිල්වා 22, නිශාන් මධුෂ්ක 19*)

 

කුරුණෑගල – පානදුර තරගයට වර්ෂාවෙන් බාධා

පානදුර පන්දුවාර 15 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 81 යි – (හිරුන් කපුරුබණ්ඩාර 21)

 

පොලිස් සහ රාගම අතර තරගය එක්  පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදී

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee