slc
logo
Home   |    News
මැයි 29, 2024
වනිඳු සහ දසුන්ගේ උත්සාහය අපතේ යයි

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ තරග වැදි පළමු පුහුණු තරගයෙන් ලකුණු 20 ක පරාජයක් අත්විඳීමට අද (29 දා) අළුයම සිදුවිය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව වනිඳු හසරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 181 ක් ලබා ගත් නමුදු, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 161 ක් පමණි.

මෙම ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 59 කදී බිඳ වැටුණේ පන්දුවාර 10 ක්ම අවසස් වී තිබූ වට පිටාවකය. කෙසේ වෙතත් මේ මොහොතේ පිටියට පිවිසි නායක වනිඳු හසරංග පිට පිට පන්දු 5 කදී හයේ පහර 5 ක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට නැවත ජයග්‍රාහී බලාපොරොත්තු රැගෙනඒමට සමත් වුවත්, කඩුලු දැවී යෑඹ නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 161 කදී නිමාවට  පත්විය.

12 වැනි පන්දුවාරයේ පළමු පන්දු 5 ටම එල්ල කරන ලද හයේ පහර 5 ත් සමග වනිඳු හසරංග පන්දු 15 කදී ලකුණු 43 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් දසුන් ශානක පන්දු 20 කදී ලකුණු 35 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක්සිය ඉනිමට ඇතුළත් කරමිනි.

නෙදර්ලන්තය පන්දුවට  පහර දීමේදී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන් වැළකී සිටීම කැපී පෙනෙයි.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 181 යි – (ඩිල්ෂාන් මදුශංක 39/2, ඇන්ජලෝ මැතිව්ස් 20/1, නුවන් තුෂාර 48/1, දුනිත් වෙල්ලාලගේ 26/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 161 යි – (වනිඳු හසරංග 43, දසුන් ශානක 35, පැතුම් නිස්සංක 5, කුසල් මෙන්ඩිස් 4, කමිඳු මෙන්ඩිස් 5, ධනංජය ද සිල්වා 31, චරිත් අසලංක 12, ඇන්ජලෝ මැතිව්ස් 15, දුනිත් වෙල්ලාලගේ 7, මහීෂ් තීක්ෂණ 0, ඩිල්ෂාන් මදුශංක 0,

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee