slc
logo
Home   |    News
ජූනි 28, 2024
ප්‍රධානතම විස්සයි-20 ශූරතාව එන්.සී.සී.කණ්ඩායමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලි 2024 ශූරතාව දිනා ැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද සමත්විය. කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර 10.1 කදී ලකුණු 54 කට දවාලීමට ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ එන්.සී.සී. පන්දු යවන්නෝ සමත්වූහ. ලසිත්ට අමතරව මතීෂ පතිරණ සහ චාමික කරුනාරත්න කඩුලු 2 ක බැගින් බිඳ හෙලූහ.

ඉලක්කය හඹා යෑමේදී එන්.සී.සී. කණ්ඩායම වැය කරන ලද්දේ පන්දුවාර 5.5 ක් පමණි. ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක ලකුණු 18 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15* ක් ලබා ගත්හ. අවසන් මහ තරගයේ වීරයා වශයෙන් කුසලාන සහ රු. 75,000, කඩුලු 3 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා වශයෙන් සමස්ථ තරගාවලියේ පන්දුවෙන් කඩුලු 8 ක් සහ පිත්තෙන් ලකුණු 89 ක් ලබාගැනීමට සමත්වූ චාමික කරුණාරත්නද සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා වෙනුවෙන් කුසලාන සමග මුදලින් ලක්ෂ 2 ක් පිරිනැමිණ.

ඊට අමතරව දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තරග 4 කදී කඩුලු 10 ක් දවා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අකිල ධනංජය ද දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 4 කදී ලකුණු 137 ක් රැස් කිරීමට සමත් ඒස් කැපිටලන් ක්‍රීඩා සමාජයේ පවන්ත වීරසිංහ සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාටම අදාළ කුසලාන සමඟ රුපියල් ලක්ෂ බැගින් පිරිනැමිණ.

මෙම ජයසංකේත ප්‍රධානයම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංවිධාන කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පන්දුවාර 10.1 කදී ලකුණු 54 යි – (හසිත බෝයෙගොඩ 13, කසුන් අබේරත්න 13, රවිදු ප්‍රනාන්දු 11, චාමික කරුණාරත්න 21/2, ලසිත් ඇඹුල්දෙණිය 05/3, මතීෂ පතිරණ 09/2)

එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 55 යි – (පැතුම් නිස්සංක 18, නිරෝෂන් දික්වැල්ල 15*, කමිල් මිශාර 11*, රවිඳු ප්‍රනාන්දු 55/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ලසිත් ඇඹුල්දෙණිය අවසන් මහ තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් අකිල ධනංජය තරගාවලියේ දක්ෂතම සම්මානය ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ පවන්ත වීරසිංහ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය ලබා ගනිමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටු සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් තරගාවලියේ වීරයාට හිමි සම්මානය චාමික කරුණාරත්න ලබා ගනිමින්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee