slc
logo
Home   |    News
ජූනි 8, 2024
බංග්ලාදේශයට කඩුලු 2ක ජයක්

sinhala editor

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 9ක් දැවී ලකුණු 124ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේදී පිට පිට කඩුලු 2ක් දවාගෙන එල්ල කළ පීඩනය බරපතළ එකක් වුවද, දසුන් ශානකගේ ඊළඟ ඕවරයේදී බංග්ලාදේශය ලකුණු 11ක් සොරා ගත්තේය. තුෂාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු 4ක් බිඳහෙලූ ශ්‍රී ලංකාවේ තෙවැනි පන්දු යවන්නා බවට පත්වූ අතර, මෙයට පෙර නුවන් කුලසේකර හා ලසිත් මාලිංග එම දස්කම දක්වා තිබිණි.

බංග්ලාදේශ මුල් කඩුලු 3 ලකුණු 28කට දවාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පීඩනයක් එල්ල කළද ලිටන් දාස් හා ටව්හිඩ් හිරිඩෝයි සිව්වැනි කඩුල්ලට පන්දු 38කදී ලකුණු 63ක සබඳතාවක් එක්කිරීමෙන් තරගය වෙනස් අතකට පෙරැළී ගියේය. එහෙත් හිරිඩෝයි ලකුණු 40ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට නායක වනිඳු හසරංග සමත්වීමෙන් යළි ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ විය. හිරිඩෝයි පන්දු 20කදී හතරේ පහරක් හා හයේ පහර 4ක් එල්ල කළ අතර, අනෙක් අන්තයේ සිටි ලිටන් දාස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට යළි වනිඳු සමත් වූවේය. ලිටන් පන්දු 38කදී හකරේ 2ක් හා හයේ පහරක් එල්ල කළේය.

ශ්‍රී ලංකා පිල මේ තරගයේදී හොද ආරම්භයක් ලබා ගත්තද අවසානයේ එකා පිට එකා දැවී යැමෙන් ලකුණු වේගය අඩාල විය. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් පන්දු 15ක් තුලදී ලකුණු 21ක් ලබා සිටියදී කුසල් ලකුණු 10කට දැවී ගිය අතර, පැතුම් පන්දු 28කදී හයේ පහරක් හා හතරේ පහර 7ක්සමඟ ලකුණු 47ක් ලැබීය. ධනංජය ද සිල්වා ලකුණු 21ක් හා චරිත් අසලංක ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 100කට කඩුලු 4ක් බිඳවැටී තිබුණද ඉතිරි කඩුලු 5ක් ලකුණු 24කදී බිඳ වැටීම අවාසි සහගත විය.

මේ තරගය ශ්‍රී ලංකාවට වඩා තීරණාත්මක එකක් වූයේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ අත්වූ පරාජය හේතුවෙනි. මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 4ක් ක්‍රීඩා කරන අතර, සුපිරි 8 වටයට එක්වීමට නම් එක් කණ්ඩායමක් තරග 3ක් ජය ගැනීම අවහ්‍ය වේ.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ. නජිහමුල් හොසේන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 47
කුසල් මෙන්ඩිස් ප. ටස්කින් අහමඩ් 10
කමිඳු මෙන්ඩිස් ඇ.ටැන්සින් හසන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 04
ධනංජය ද සිල්වා ස්ටම්ප් කළා. ලිටන් ප. රිෂාඩ් හොසේන් 21
චරිත් අසලංක ඇ.ෂකීබ් අල් හසන් ප. රිෂාඩ් හොසේන් 19
වනිඳු හසරංග ඇ. සෞම්‍ය සාකර් ප. රිෂාඩ් හොසේන් 00
ඇන්ජලෝ මැතිව්ස් ඇ. මුෂ්ටෆිසුර් රහ්මාන් ප. ටැන්සින් හසන් 16
දසුන් ශානක ඇ. ලිටන් ප. ටස්කින් අහමඩ් 03
මහීෂ් තීක්ෂණ ඇ.ටැන්සින් හසන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 00
මතීෂ පතිරණ නොදැවී 00
නුවන් තුෂාර නොදැවී 00
අතිරේක 04
එකතුව ඕවර් 20කදී කඩුලු 9කට ලකුණු 124

කඩුලු බිද වැටීම: 1- 21, 2-48, 3-70, 4- 100, 5- 100, 6- 109, 7- 115, 8- 117 9- 123
පන්දු යැවීම: ටැන්සින් හසන් 4-0-24-1, ෂකීබ් අල් හසන් 3-0-30- 0, ටස්කින් අහමඩ් 4-0-25-2, මුෂ්ටෆිසුර් රහ්මාන් 4-0-17-3, රිෂාඩ් හොසේන් 4-0-22-3, මහමුදුල්ලා 1-0-4-0

බංග්ලාදේශය
ටැන්සින් හසන් ප. තුෂාර 03
ෂෞම්‍ය සාකර් ඇ. හසරංග ප. ධනංජය ද සිල්වා 00
ලිටන් දාස් ක.මු. කළා ප. හසරංග 36
නජිමුල් හොසෙන් සැන්ටෝ ඇ. අසලංක ප. තුෂාර 07
ටව්හිඩ් හිරිඩෝයි ක.මු. කළා ප. හසරංග 40
ෂකීබ් අල් හසන් ඇ. තීක්ෂණ ප. පතිරණ 08
මහමුදුල්ලා නොදැවී 16
රිෂාඩ් හොසේන් ප. තුෂාර 01
ටස්කින් අහමඩ් ප. තුෂාර 00
ටැන්සින් හසන් සාකිබ් නොදැවී 01
අතිරේක 13
එකතුව ඕවර් 19කදී කඩුලු 8කට ලකුණු 125

කඩුලු බිඳ වැටීම 1- 1, 2- 6, 3- 28, 4-91, 5-99, 6- 109, 7 113, 8- 113

පන්දු යැවීම: ධනංජය ද සිල්වා 2-0-11-1, නුවන් තුෂාර 4- 0- 18- 4, මහීෂ් තීක්ෂණ 4-0-25-0, වනිඳු හසරංග 4- 0- 32- 2, මතීෂ පතිරණ 4- 0- 27- 1, දසුන් ශානක 1- 0- 11- 0

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee