slc
logo
Home   |    News
ජූනි 4, 2024
ලෝක කුසලාන පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

sinhala editor

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණදුන් පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් දකුණු අප්‍රිකාව හිමිකර ගත්තේය. පිතිකරුවන්ට පිත්ත ඉහළට එසැවීමට අසිරු පන්දුව පුදුමාකාර ලෙස දෝලනය වූ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නස්සාවූ ක්‍රීඩාංගණයේදී අද (3) පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 77ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රිඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

දකුණු අප්‍රිකා දකුණත් මඳවේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නෝට්ජේ ඕවර් 4ක් යවා ලකුණු 7කට කඩුලු 4ක් බිඳහෙලීමෙන් ශ්‍රී ලංකා පිල පසු බැසීමට ලක්විය. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු ගණන වාර්තා විය. මෙයට පෙර ශ්‍රී ලංකාව විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඉන්දියාවට එරෙහිව විශාඛාපට්නම්හිදී ලකුණු 82කට දැවී ගොස් තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 30කදී හතරේ පහරක් පමණක් එල්ලකොට ලකුණු 19ක් ලබාගත් අතර, එල්ලවූ පීඩනය මැද ශ්‍රී ලංකා පිලේ පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 16කදී හයේ පහර 2ක් සමඟ ලකුණු 16ක් ලබා ගත්තේය.

අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා මුල් කඩුලු 2ක ලකුණු 23කට බිදහෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුූහ. එහෙත් ක්වින්ටන් ඩි කොක් පන්දු 27කදී හයේ පහරක් සමඟ ලකුණු 20ක් ලබා ඉනිම ගොඩ දැමීට වෙහෙසක් ගත්තේය.

පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම ඉතා අසිරූ තණතිල්ලක හෙන්රිච් ක්ලාසන් නොදැවී ලකුණු 19ක් ලබා ගැනීම දකුණු අප්‍රිකා ජයග්‍රහණයට දායකත්වයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය නිව්යොර්ක් නුවර නස්සාවූ ක්‍රීඩාංගණයේ පැවැති මංගල ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිල වනිඳු හසරංග සහ දකුණු අප්‍රිකා පිල ඒඩන් මාක්‍රම් නායකත්වය දැරූහ. තරගයේ වීරයා සම්මානය අන්රිච් නෝට්ජේ ට හිමි වූවේය.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ. ක්ලාසන් ප. බාර්ට්මන් 03
කුසල් මෙන්ඩිස් ඇ. ස්ටබ්ස් ප. නෝට්ජේ 19
කමිඳු මෙන්ඩිස් ඇ. හෙන්ඩ්රිකස් ප. නෝට්ජේ 11
වනිඳු හසරංග ස්ටම්ප් කළා ඩි. කොක් ප. මහරාජ් 00
සධීර සමරවික්‍රම ප. මහරාජ් 00
චරිත් අසලංක ඇ. හෙන්ඩ්රිකස් ප. නෝට්ජේ 06
ඇන්ජලෝ මැතිව්ස් ඇ. බාර්මන් ප. නෝට්ජේ 16
දසුන් ශානක ප. රබාඩා 09
මහීෂ් තීක්ෂණ නොදැවී 07
මතීෂ පතිරණ ඇ. මාක්රාම් ප. රබාඩා 00
නුවන් තුෂාර දුවද්දී දැවී ගියා 00
අතිරේක 06
එකතුව ඕවර් 19.1කදී 77

කඩුලු බිද වැටීම: 1- 13, 2-31, 3-32, 4- 32, 5- 40, 6- 45, 7- 68, 8- 70, 9- 71, 10- 77
පන්දු යැවීම: ජෙන්සන් 3.1-0-15-0, රබාඩා 4-1-21- 2, බාර්ට්මන් 4- 1- 9 – 1, මහරාජ් 4- 0- 22- 2, නෝට්ජේ 4- 0- 7- 4

දකුණු අප්‍රිකාව
ක්වින්ඩන් ඩි කොක් ඇ. ප. හසරංග 20
රීසා හෙන්ඩ්රිකස් ඇ. මෙන්ඩිස් ප. තුෂාර 04
ර්ඩියන් මාර්ක්‍රම් ඇ්‍ මෙන්ඩිස් ප. ශානක 12
ට්‍රිස්ටන් ස්ටබ්ස් ඇ. අසලංක ප. හසරංග 13
හෙන්රිකස් ක්ලාසෙන් නොදැවී 19
ඩේවිඩ් මිලර් නොදැවී 06
අතිරේක 06
එකතුව ඕවර් 16. 2කදී කඩුලු 4කට 80

කඩුලු බිඳ වැටීම 1- 10, 2- 23, 3- 51, 4-58,

පන්දු යැවීම ඇන්ජලෝ මැතිව්ස් 3- 0- 16- 0, නුවන් තුෂාර 3- 0- 18- 1, දසුන් ශානක 3- 1- 6- 1, මතීෂ පතිරණ 3- 0- 12- 0, වනිඳු හසරංග 3.2- 0- 22- 2, මහීෂ් තීක්ෂණ 1- 0 – 3- 0

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee