slc
logo
Home   |    News
ජූනි 12, 2024
ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි

sinhala editor

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී ඇත. මේ අතර සහභාගී වූ තරග තුනෙන්ම ජයගත් දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට සදහා තේරී පත්වී ඇත.

විටින් විට ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ ලව්ඩර්හිල්හි පැවැති තරගය එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අවසන් විය. මෙය ශ්‍රී ලංකා පිලට තරමක අවාසිදායක සිඳුවීමක් විය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට සුපිරි අට වටයට පිවිසීම සඳහා ඉතාම සියුම් අවස්ථාවක් ඉතිරිව ඇත. හෙට (13) කිංග්ස්ටවුන් හි පැවැත්වෙන බංගලාදේශ – නෙදර්ලන්ත තරගය වැස්සට මුළු මනින්ම සෝදා යා යුතු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම කණ්ඩායමකටම එක ලකුණ බැගින් හිමි වේ. එම තරගයේ එක් කණ්ඩායමකට ලකුණු දෙකක් ලැබුණහොත් ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේ අවස්ථා අහිමි වේ.

මේ 17 වැනිදා රාත්‍රී පැවැත්වෙන නේපාල – බංග්ලාදේශය අතර තරගයෙන් නේපාලය සුළු පරතරයකින් බංග්ලාදේශය පරාජය කළ යුතුවේ. දකුණු අප්‍රිකාව මේ 15දා පැවැත්වෙන තරගයේදී නේපාලය පරාජය කළ යුතුය. ශ්‍රී ලංකාව 17 වැනිදා පැවැත්වෙන තරගයේදී නෙදර්ලන්තය විශාල පරතරයකින් පරාජය කළ යුතු වේ.

එවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ප්‍රසාද ලකුණු තුනකින් අවසන් වනු ඇත. ශුද්ධ ලකුණු අනුපාත පසුව ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා පිල කණ්ඩායම් තුනටම වඩා ඉහළින් එම ශුද්ධ ලකුණු වේගය තබා ගැනීමට වග බලා ගත යුතුය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee