ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව ආසියානු කළාපයේ පැවැත්වෙනු ලැබෙන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක් වේ.
මෙම දැවැන්ත සමුළුවට අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, නැගෙනහිර ආසියාව මෙන්ම ෆෙස්පික් සහ යුරෝපා කළාප සියල්ලම නියෝජනය වන පරිදි වූ ලොව පුරා සමාජික රටවල් 108 ක් නියෝජනය වන පරිදි වූ නියෝජිතයින් 220 දෙනෙකු එක්වීමට නියමිතය.
ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින් මෙන්ම පාර්ශ්වකරුවන්ගේ ඉහළතම රැස්වීම ලෙසින් සැලෙකන මෙම අයි.සී.සී. වාර්ෂික සම්මන්ත්‍රණයේදී ප්‍රධාන වශයෙන්ම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය සහ පරිපාලනය මෙන්ම එය ලෝකය පුරා ප්‍රවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ තීන්දු ගනු ලබන්නේය.
“ඔලිම්පික් යෑමට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී ප්‍රධාන වශයෙන්ම ‘විවිධත්වය සහ අන්තර්ග්‍රහණය මෙන්ම ක්‍රීඩාව හා පාරිසරික ස්ථීරසාරභාවය මෙන්ම ලොස් ඇන්ජලීස් නුවරදී කෙරෙන ජයග්‍රාහී පුණරාගමන යන මාතෘකා මෙවර ක්‍රිකට් මහ සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
“මේක ශ්‍රී ලංකාවට ලැබෙන විශේෂ අවස්ථාවක්. මේ සඳහා ලෝකයේ සෑඹ දිසාවකින්ම අපගේ සුන්දර රටට එන නියෝජිතයින්ව අපි උණුසුම් හදවතින් පිළිගනු ලබනවා“ යැයි මේ අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියි. “අපේ රටේ ක්‍රිකට ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වගේම අපේ රටේ සුන්දරත්වය සහ උරුමය ලොවට ප්‍රදර්ශනය කිරීමටත් මෙම සමුළුව යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා“ යැයිද ශම්මි සිල්වා මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.