slc
logo
Home   |    News
ජූලි 11, 2024
වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

නායකත්වයෙන් ඉවත් වුවද තම තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙසින් දිගටම කණ්ඩායමේ රැදී සිටීමට තීරණය කිරීම, කණ්ඩායමේ යහපත වෙනුවෙන් සිතා තමන් තීරණය කළ බවයි.

“ක්‍රීඩකයකු විදියට සෑම විටම මම ශ්‍රී ලංකාවට මගේ උපරිමය ලබා දීමට කටයුතු කරනවා. මම හැමදාමත් වගේ මගේ කණ්ඩායමට සහ නායකයාට සහාය ලබා දෙනවා“ යැයි සිය තීරණය සම්න්ධයෙන් වනිඳු සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද වනිඳුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් සදහන් කර සිටින්නේ හසරංග වැනි ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සැලසුම් තුළ වැදගත් ක්‍රී‍වේ ජාත්‍යන්තර ක්‍රිකට් සැලසම් ඩකයකු වනු ඇති බවයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]
  • පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය
    කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo