slc
logo
Home   |    News
අගෝස්තු 30, 2024
එංගලන්තයෙන් ප්‍රභල ආරම්භයක්

sinhala editor


සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස්කර ගත්තේය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර තම 33 වැනි ටෙස්ට් ශතකය රැස්කළ ජෝ රූට් දවසේ වීරයා බවට පත්වෙමින් ලකුණු 143ක් රැස්කර ගත්තේය. මිලාන් රත්නායකගේ පන්දුවකට ධනංජය ද සිල්වා වෙත උඩ පන්දුවක් ලබාදී දැවීගිය රූට් පන්දු 206කට මුහුණදුන් අතර, හතරේ පහර 18ක් එක් කළේය. ජෝ රුට් හා ජෙමී ස්මිත් එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 109කදී ලකුණු 62ක් එක්කළ අතර, ජෝ රූට් හා හැරී බෘෘක් එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 73කදී ලකුණු 48ක් එක් කිරීම ද කැපී පෙණුනි.

එංගලන්ත පළමු කඩුල්ල ලකුණු 33දී දවා ගැනීමට වේග පන්දු යැවූ ළහිරු කුමාර සමත් වූ අතර, ඩෑන් ලෝරන්ස් ලකුණු 9දී දැවී ගියේය. ඒ සමඟම මුලු ලකුණු 42ක් වෙද්දී නායක ඔලි පොප් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගේ කඩුල්ල ප්‍රභාත් ජයසූරියගේ ගොදුරක් බවට පත් විය. හැරී බෑක් ලකුණු 33ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වීමෙන් එංගලන්ත ඉනිම යම් දුරකට පාලනය විය. ක්‍රිස් වෝකස් ලකුණු 6ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවකට දැවී ගියේය.

අටවැනි කඩුල්ලට ඇට්කින්සන් හයේ 4ක් හා හතරේ 5ක් සමඟ නොදැවී ලකුණු 74ක් හා මැතිව් පොට් හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 20ක් ලබා වේගයෙන් ලකුණු එක් කිරීමට සැලසුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනා එක්ව පන්දු 63කදී නොබිඳුණු ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගූහ. 

ඕවර් 80ක් යැවීමෙන් පසු නව පන්දුවක් ලබාගත් අතර, ඊයේ පළමු දිනය පුරා ඕවර් 88 යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් 5ක් උපයෝගී කර ගත්තේය. අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා ළහිරු කුමාර කඩුලු දෙක බැගින් බිදහෙලා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් බිදහෙලා ගත්තේය.

හෙට (30) තරගයේ දෙවැනි දිනයයි. 

එංගලන්ත පළමු ඉනිම

බෙන් ඩකට් ඇ. කුමාර ප. ජයසූරිය                         40
ඩෑන් ලෝරන්ස් ඇ. මදුෂ්ක ප.  ළහිරු කුමාර            09
ඔලී පොප් ඇ. ද සිල්වා ප. අසිත ප්‍රනාන්දු                 01
ජෝ රූට් ඇ. ද සිල්වා ප. මිලාන් රත්නායක           143
හැරී බෘෘක් ක. මුවා කළා ල. අසිත ප්‍රනාන්දු              33 
ජෙමී ස්මිත් ඇ. මධුෂ්ක ප. රත්නායක                      21 
ක්‍රිස් වෝකස් ඇ. අසිත ප්‍රනාන්දු ප. ළහිරු කුමාර       06
ගස් ඇට්කින්සන් නොදැවී                                      74
මැතිව් බොට්ස් නොදැවී                                         20
අතිරේක                                                              11     
එකතුව ඕවර් 88කදී  කඩුලු 7ක් දැවී                        358

කඩුලු බිඳ වැටීම: 1 - 33, 2 - 42, 3 -  82, 4 - 130, 5 - 192, 6 - 216, 7 - 308

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 19 - 1 - 84 - 2  මිලාන් රත්නායක 21 - 2 - 80 - 2, ළහිරු කුමාර 20 - 2 - 75 - 2, ප්‍රභාත් ජයසූරිය 25 - 2 - 81 - 1, කමිඳු මෙන්ඩිස් 3 - 0 - 27 - 0 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee