slc
logo
Home   |    News
අගෝස්තු 31, 2024
එංගලන්තය කඩුලු 9ක් අතැතිව ලකුණු 256ක් ඉදිරියෙන්

sinhala editor


සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 231ක් පිටුපසින් සිටි හෙයින් දෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට ලකුණු රැස්කරන එංගලන්තය කඩුලු 9ක් අතැතිව ලකුණු 256ක් ඉදිරියෙන් සිටී.

ඊයේ ඕවර් 88ක් තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා සිටි එංගලන්ත පිල අද දිනයේ තවත් ඕවර් 14කට මුහුණදී ලකුණු 69ක් එක්කරගත් හෙයින් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 427ක් ලෙස නිමාවට පත්විය. අනතුරුව පළමු ඉනිමට ලකුණු රැස්කල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 196කට දැවී ගියහ. එංගලන්ත පිල දෙවැනි ඉනිමට කඩුලු 1ක් දැවී ලකුණු 25ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකා කඩුලු 6ක් ලකුණු 87කට දැවිගොස් තිබියදී පිටියේ එක්වූ අංක 7 පිතිකරු කමිඳු මෙන්ඩිස් පන්දු 120කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීම හැර පිතිකරුවෙකු සැලකිය යුතු ලකුණු ගණනක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් කළේ නැත.

පළමු දිනයේ තරගය නතර කරද්දී වේගයෙන් ලකුණු අතරට පිවිස සිටි ඇට්කින්සන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීම විශේෂත්වයක් විය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇට්කින්සන්   හයේ 4ක් හා හතරේ 14ක් සමඟ පන්දු 115කදී  ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, තම 33 වැනි ටෙස්ට් ශතකය රැස්කළ ජෝ රූට් එංගලන්ත ඉනිමේ නියමුවා බවට පත්වෙමින් ලකුණු 143ක් රැස්කර ගත්තේය. මිලාන් රත්නායකගේ පන්දුවකට ධනංජය ද සිල්වා වෙත උඩ පන්දුවක් ලබාදී දැවීගිය රූට් පන්දු 206කට මුහුණදුන් අතර, හතරේ පහර 18ක් එක් කළේය. 

එංගලන්ත ඉනිමේ ශතක දෙකක් වාර්තාවීම හැර බෙන් ඩකට් ලබාගත් ලකුණු 40 වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලෙස සටහන් විය. අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවාගත් අතර, මිලාන් රත්නායක හා ළහිරු කුමාර කඩුලු දෙක බැගින් බිදහෙලා ගත්හ.

හෙට (31) තරගයේ තෙවැනි දිනයයි. 

එංගලන්ත පළමු ඉනිම

බෙන් ඩකට් ඇ. කුමාර ප. ජයසූරිය                         40
ඩෑන් ලෝරන්ස් ඇ. මධුෂ්ක ප.  ළහිරු කුමාර            09
ඔලී පොප් ඇ. ද සිල්වා ප. අසිත ප්‍රනාන්දු                 01
ජෝ රූට් ඇ. ද සිල්වා ප. මිලාන් රත්නායක           143
හැරී බෘෘක් ක. මුවා කළා ප. අසිත ප්‍රනාන්දු              33 
ජෙමී ස්මිත් ඇ. මධුෂ්ක ප. රත්නායක                      21 
ක්‍රිස් වෝකස් ඇ. අසිත ප්‍රනාන්දු ප. ළහිරු කුමාර       06
ගස් ඇට්කින්සන් ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු         118
මැතිව් පොට්ස්  ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු            21
ඔලී ස්ටෝන් ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු               15
ෂොයිබ් බසීර් නොදැවී                                           07
අතිරේක                                                              13     
එකතුව ඕවර් 102කදී සියලු දෙනා දැවී                      427   

කඩුලු බිඳ වැටීම: 1 - 33, 2 - 42, 3 -  82, 4 - 130, 5 - 192, 6 - 216, 7 - 308, 8 - 393, 9 - 420, 10 - 427

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 24 - 2 - 102 - 5, මිලාන් රත්නායක 23 - 2 - 89 - 2, ළහිරු කුමාර 23 - 2 - 101 - 2, ප්‍රභාත් ජයසූරිය 29 - 2 - 96 - 1, කමිඳු මෙන්ඩිස් 3 - 0 - 27 - 0 

ශ්‍රී ලංකාව පළමු ඉනිම

නිශාන් මධුෂ්ක ප.වෝක්ස්                                          07      
දිමුත් කරුණාරත්න ප. ස්ටෝන්                                  07
පැතුම් නිශ්ශංක ඇ. පොට්ස් ප. ස්ටෝන්                       12                          
ඇන්ජලෝ මැතිව්ස් ප. පොට්ස්                                   22
දිනේෂ් චන්දිමාල් ඇ. ලොරන්ස් ප. ඇට්කින්සන්           23                       
ධනංජය ද සිල්වා ඇ. බෘෘක් ප. පොට්ස්                         00               
කමිඳු මෙන්ඩිස් ඇ. වෝක්ස් ප. ඇට්කින්සන්                 74
මිලාන් රත්නායක ඇ. ස්මිත් ප. වොක්ස්                        19                 
ප්‍රභාත් ජයසුරිය ප. බසීර්                                              08
ළහිරු කුමාර දුවද්දී දැවී ගියා                                        00                            
අසිත ප්‍රනාන්දු නොදැවී                                               01
අතිරේක                                                                   23
එකතුව ඕවර් 55.3කදී සියලු දෙනා දැවී                         196

කඩුලු බිඳ වැටීම: 1 - 18, 2 -  32, 3 - 35, 4 -  83, 5 -  83, 6 -  87, 7 -  118, 8 - 1531, 9-  195, 10 - 196 

පන්දු යැවීම: වෝක්ස්  13 - 4 - 21 - 2, ඇට්කින්සන් 8.3 - 2 - 40 - 2, ස්ටෝන්  13 - 0 - 70- 2, පොට්ස් 11 - 4 - 19 - 2,  බෂීර් 7 - 1 - 21 - 1, රූට් 3 - 0 - 4 - 0

එංගලන්ත දෙවැනි ඉනිම

බෙන් ඩකට් නොදැවී                                                   15
ඩෑන් ලෝරන්ස් ඇ. මධුෂ්ක ප. ළහිරු කුමාර                    07
ඔලී පොප් නොදැවී                                                       02
අතිරේක                                                                      01
එකතුව ඕවර් 7කදී කඩුලු 1ක් දැවී                                    25             

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 3 - 0 - 12 - 0, ළහිරු කුමාර 3 - 0 - 10 - 1, මිලාන් රත්නායක 1 - 0 - 2 - 0 

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee