ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකේ දී මෙතෙක් අපරාජිතව සිටි කළම්බු නෝර්ත් කණ්ඩායම ලකුණු 145ක දැවැන්ත සංඛ්‍යාවකින් ගෝල් කණ්ඩායමට පරාජයට පත්විය.
කැන්ඩි – දඹුල්ල තරගයේ දී කැන්ඩි කඩුලු පහකට ලකුණු 321ක් ලබා මේ තරගාවලියේ මෙතෙක් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් විය. එහිදී කැන්ඩි අංක හතර පිතිකරු නායක කවිජ ගමගේ (109) සහ දිමන්ත මහවිතාරණ (102) තෙවන කඩුල්ලට ශතක රැස් කළ අතරම ලකුණු 206ක සබඳතාවයක් තබා ගත්තේ තරගාවලියේ වැඩිම සබඳතාවය තබා ගනිමිනි.
දඹුල්ල ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වුයේ ලකුණු 296කින් පිළිතුරු සපයමිනි. ඔවුන් ද ජය සීමාව ආසන්නයටම පැමිණ පසුබෑමට සිදුවුවත් ඔවුනට අත්වුයේ ලකුණු විසිපහක ගෞරවනීය පරාජයකි. දඹුල්ල ප්‍රතිප්‍රහාරය එල්ල කරද්දී එහි නියමුවා වූ ආරම්භක පිතිකරු රජිත නවෝද්‍ය සමරසිංහ ලකුණු 121ක් රැස් කිරීමට සමත් විණි.
කැන්ඩි – දඹුල්ල තරගයේ දී කණ්ඩායම් දෙකම රැස් කළ ලකුණු ප්‍රමාණය 617කි. මේ තරගාවලියේ තරගයක දී කණ්ඩායම් දෙකක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
කැන්ඩි නායක කවිජ ගමගේ පසුව කඩුලු තුනක් ද දවා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීම විශේෂත්වයකි.
- කැන්ඩි ලකුණු 25කින් දඹුල්ල පරාජය කරයි.
සමාධි ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි – දඹුල්ල තරගයේ දී දඹුල්ල කාසියේ වාසිය දිනා කැන්ඩි කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ඇරයුම් කළේය. කැන්ඩි කණ්ඩායම කඩුලු පහකට රැස් කළ ලකුණු 321හි පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 6.42ක ලෙස ඉහළම මට්ටමක පැවැතිණි.
කැන්ඩි ඉනිමේ දී නායක කවිජ ගමගේ පන්දු 107කදී හතරේ නවයක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 109ක් ද දිමන්ත මහවිතාරණ පන්දු 114කදී හතරේ හතක් හයේ පහරක් සමඟ ලකුණු 102ක් ද රැස් කරමින් ශතක වාර්තා කරන අතරම තෙවන කඩුල්ලට මොවුන් දෙදෙනා පන්දුවාර 33.5කදී ලකුණු 206ක සබඳතාවයක් තබා තරගාවලියේ වැඩිම සබඳතාව ලැබීමේ ගෞරවය ද හිමිකර ගත්හ.
අංක හතර පිතිකරු කැන්ඩි නායක කිංස්වුඩ් විදුහලේ කවිජ ගමගේ පසුව ලකුණු 46කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේදීම කැපී පෙනුණි. ඔහුගේ සහයක අංක තුන පිතිකරු දිමන්ත මහවිතාරණ මහනුවර ත්‍රිත්ව කණ්ඩායමේ ද සාමාජිකයෙකි.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු සෙසු පිතිකරු වු අංක පහ පිතිකරු ඇඩම් හිල්මි වේගවත් පිතිප්රහාරයක යෙදුණේ පන්දු 32කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ නොදැවී ලකුණු 54ක් ද රැස් කරගනිමිනි. මේ කණ්ඩායමේ දෙවැනි හොඳම සබඳතාව වුයේ සිව්වන කඩුල්ලට දිමන්ත මහවිතාරණ සහ ඇඩම් හිල්මි පන්දුවාර 4.2කදී රැස් කළ ලකුණු 37ය.
දඹුල්ල ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරු කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ රජිත නවෝද්‍ය සමරසිංහ ජයග්‍රහණයට අවශ්‍ය දැවැන්ත අභියෝගය භාර ගනිමින් පන්දු 127කදී හතරේ 12ක් හයේ පහර තුනක් සමඟ ලකුණු 121ක් රැස් කිරීමට සමත් විණි.
මෙහිදී රජිත නවෝද්‍ය අගනා සබඳතා දෙකකට ද සහභාගි විය. දෙවන කඩුල්ලට ඔමේෂ මතිෂාන් සමඟ පන්දුවාර 24.3කදී රැස් කළ ලකුණු 116 සහ තෙවන කඩුල්ලට භාග්‍ය ඉෂාන් සමඟ පන්දුවාර 9.1කදී එක් කළ ලකුණු 51ක එම සබඳතාවයන්ය.
දඹුල්ල ඉනිමේ දී කැපී පෙනුණු අංක තුන පිතිකරු ඔමේෂ මතිෂාන් පන්දු 66කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 43ක් ද අංක හය පිතිකරු සනුජ නිඳුවර වේග ප්‍රහාර එල්ල කරමින් පන්දු 21කදී හතරේ දෙකක් හයේ හතරක් සමඟ ලකුණු 48ක් ද අංක හතර පිතිකරු භාග්‍ය ඉෂාන් පන්දු 33කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 23ක් ද නායක චන්දූප අබේසිංහ පන්දු 18කදී හතරේ දෙකක් සමඟ ලකුණු 17ක් ද ලැබුහ.
කැන්ඩි පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු කවිජ ගමගේ, දසුන් වලිඅන්ග සහ රයන් ග්‍රෙගරිය.
- ගෝල් ප්‍රබල කළම්බු නෝර්ත් පරාජය කරයි.
සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් – කළම්බු නෝර්ත් තරගයේ දී කළම්බු නෝර්ත් කණ්ඩායමට ලකුණු 145ක දැවැන්ත අමිහිර පරාජයකට මුහුණපෑමට සිදු විණි.
කළම්බු නෝර්ත් මේ තරගයේ ලත් සැනසිලිදායක ජයග්‍රහණයක් වුයේ ඔවුනගේ ප්‍රබල පන්දු යවන්නකු වන ඩිනෝෂ් ඩිලාන් ගමගේ (කඳාන ද මැසිනඩ් විදුහලේ) ලකුණු 63 ලකුණු 5ක් දවා මේ තරගාවලියේ කඩුලු පහක් දවාලු ප්‍රථම පන්දු යවන්නා බවට පත්වීමය.
කළම්බු නෝර්ත් කාසියේ වාසිය දිනා ගෝල් කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට ආරාධනා කළ පසු ගෝල් ඊට ප්‍රබල පිළිතුරක් සැපයුවේ කඩුලු නවයකට ලකුණු 287ක් රැස් කර ගනිමිනි.
ගෝල් ආරම්භක පිතිකරු ගාල්ල මහින්ද විදුහලේ සිසු දුල්සිත දර්ශන මෙහි වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 84කදී හතරේ 12ක් සමඟ ලකුණු 81ක් රැස් කළේ තම කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අඩිතාලම දමමිනි.
දුල්සිත්ට අමතරව මෙදින ගෝල් කණ්ඩායමෙන් තවත් අර්ධ ශතක ලාභීන් දෙදෙනකු බිහි විණි. එම පිතිකරුවන් වුයේ ලකුණු 52ක් රැස් කළ විරාන් චමුදිත (පන්දු 43යි හතරේ හතයි) සහ ලකුණු 55ක් රැස් කළ අංක හත පිතිකරු රසිත් දිල්හාරය. (පන්දු 39යි හතරේ තුනයි හයේ පහයි) ඊට අමතරව අංක හතර පිතිකරු යසිරු ලක්ෂාන් ලකුණු 28ක් ද අංක පහ පිතිකරු ගිම්හාන රසාංජන ලකුණු 17ක් එක් කළහ.
දුල්සිත් දර්ශන දෙවන කඩුල්ලට රන්දුල මාබරණ සමඟ පන්දුවාර 15.2කදී ලකුණු 58ක් ද සිව්වන කඩුල්ලට විරාන් චමුදිත සහ යසිරු ලක්ෂාන් සමඟ ලකුණු 61ක් ද (පන්දුවාර හතරයි) එක් කළේ වේගයෙන් ලකුණු රැස් කරමිනි.
කළම්බු නෝර්ත් ලකුණු 288ක ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ දී ගෝල් කණ්ඩායමේ ඉමෙත් මනම්පේරි, ඩුල්සත් නිමවිරු සහ ගිම්හාන රසාංජනගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ කළම්බු ඉනිම ලකුණු 142කට (පන්දුවාර 45.2කට) සීමා විණි.
කළම්බු නෝර්ත් පිතිකරුවන් අතුරින් මෙදින ආරම්භක පිතිකරු දුල්නෙත් සිගේරා ලකුණු 51ක් ද (පන්දු 43යි හතරේ හයයි හයේ දෙකයි) අංක පහ පිතිකරු රාඩ් කරීම් ලකුණු 33ක් ද (පන්දු 59යි හතරේ දෙකයි හයේ එකයි) සහ අංක නවය පිතිකරු සිත්රු ප්‍රනාන්දු ලකුණු 26ක් ද (පන්දු 44යි හතරේ දෙකයි) දක්ෂතා අතරට පැමිණියහ.
කළම්බු නෝර්ත් හොඳම සබඳතාවය වුයේ හත්වන කඩුල්ලට සිත්රු ප්‍රනාන්දු සහ රාඩ් කරීම් පන්දුවාර 11.1කදී රැස් කළ ලකුණු 46ක සබඳතාවයයි. මීට අමතරව ප්‍රථම කඩුල්ලට සෙනුජ වැකුණගොඩ සහ දුල්නෙත් සිගේරා වේගවත් ලකුණු 41ක් රැස් කළේ පන්දුවාර 6.1කදීය.
ලකුණු පුවරුව
- කැන්ඩි ලකුණු 25කින් දඹුල්ල පරාජය කරයි.
කැන්ඩි පන්දුවාර 50දී කඩුලු 5ට 321යි – (කවිජ ගමගේ 109, දිමන්ත මහවිතාරණ 102, ඇඩම් හිල්මි නොදැවී 54, කාශ්‍යප දිසානායක 19, මෙනුර නිරෝෂන 36/2)
දඹුල්ල පන්දුවාර 48.3කදී සියල්ල දැවී 296යි – (රජිත නවෝද්‍ය සමරසිංහ 121, සනුජ නිඳුවර 48, ඔමේෂ් මතිෂාන් 43, භාග්‍ය ඉෂාන් 23, කවිජ ගමගේ 46/3, දසුන් වලිඅන්ග 35/2, රයන් ග්‍රෙගරි 67/2යි)
- ගෝල් ලකුණු 145කින් කළම්බු නෝර්ත් පරාජය කරයි.
ගෝල් පන්දුවාර 50කදී කඩුලු 9ට 287යි – (දුල්සිත් දර්ශන 81, විරාන් චමුදිත 52, රාසිත් දිල්හාර 55, යසිරු ලක්ෂාන් 28, ගිම්හාන රසාංජන 17, රන්දුල් මාබරණ 13, ඩිනෝෂ් ඩිලාන් ගමගේ 63/5, මෙවන් දිසානායක 47/2යි)
කළම්බු නෝර්ත් පන්දුවාර 35.2කදී සියල්ල දැවී 142යි – (දුල්නෙත් සිගේරා 51, රාඩ් කරීම් 33, සිත්රු ප්‍රනාන්දු 26, සනුජ වැකුණගොඩ 10, ඉමෙත් මනම්පේරි 32/2, ඩුල්සිත් නිමවිරු 9/2, ගිම්හාන රසාංජන 15/2යි)