ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (22) අනුරාධපුරයේ දී පැවැති තවත් තියුණු තරග දෙකක දී කැන්ඩි පරදා කළම්බු නෝර්ත් ද කළම්බු සවුත් පරදා දඹුල්ල ද ජයග්‍රහණ අත්කර ගත්හ.
පිතිකරුවනට පාරාදීසියක් වු අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී කැන්ඩි කණ්ඩායම පන්දුවාර 49.4කදී රැස් කළ ලකුණු 292 හඹායාමේ දී කළම්බු නෝර්ත් කණ්ඩායම පන්දුවාර 42.3කදී කඩුලු පහකට ලකුණු 277ක් රැස් කර තිබිය දී අයහපත් කාලගුණයේ බලපෑමෙන් තරගය නතර කිරීමට තීරණය කළේය. මෙහිදී කළම්බු නෝර්ත් කඩුලු පහක ජයග්‍රාහකයන් ලෙස තීරණය කෙරුණේ ඩක්වර්ත් සහ ලුවිස් ක්රමයටය.
සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – කළම්බු සවුත් තරගය අඩු සංඛ්‍යාවන්ට සීමා වුවත් දඹුල්ල කඩුලු තුනක එහි ජයග්‍රාහකයන් බවට පත්වුයේ තවත් පන්දුවාර 4.1ක් ඉතිරිව තිබියදීය. කළම්බු සවුත් පන්දුවාර 48කදී සියල්ල දැවී රැස් කළ ලකුණු 168 හඹා ගිය දඹුල්ල පන්දුවාර 45.5කදී කඩුලු 7කට ලකුණු 169ක් රැස්කර මේ ජයග්‍රහණය අත්කර ගනු ලැබීය.
කළම්බු නෝර්ත් – කැන්ඩි තරගයේ දී කණ්ඩායම් දෙක ලකුණු 569ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයකට යාමට සමත් විණි. මෙහිදී දිනයේ එකම ශතක ලාභියා වු කළම්බු නෝර්ත් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා වේගවත් ලකුණු 109ක් රැස් කළේ පන්දු 64කදී හතරේ නවයක් සහ හයේ පහර අටක් සමඟය.
කළම්බු නෝර්ත් සහ කැන්ඩි අතර තරගය පිතිකරුවන්ගේම තරගයක් බවට පත් වු අතර කණ්ඩායම් දෙකෙහි පිතිකරුවන් මෙදින ශතකයක් ද අර්ධ ශතක තුනක් ද ලකුණු 45 සහ 48 පිතිකරුවන් දෙදෙනකු ද ඒ අතර විය.
කළම්බු නෝර්ත් කණ්ඩායම ලකුණු 293ක් පිටුපස හඹායද්දී තරගයේ පළමු පන්දුවාරයේ සිටම අභියෝගය හඹායමින් ජයග්‍රහණය අත්කර ගන්නා විට ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලකුණු පුවරුවේ සටහන් විණි.
කළම්බු නෝර්ත් කණ්ඩායම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දුන් පිතිකරුවන් වු ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා ශතකයක් කරා ගොස් ජයග්‍රහණයට මංපෙත් හෙළි කරදෙද්දී අංක තුන පිතිකරු දෙනුර දම්සිත් ලකුණු 58ක් ද (පන්දු 77යි හතරේ හතයි) අංක හතර පිතිකරු නායක කිත්ම විදානපතිරණ ලකුණු 52ක් ද (පන්දු 49යි හතරේ හයයි හයේ පහරයි) කණ්ඩායමට නව ජීවයක් ගෙන ආවේ ක්‍රීඩාංගණය පුරා දර්ශනීය පහර එල්ල කරමිනි.
මෙහිදී දුල්නිත් සිගේරා සහ දෙනුර දම්සිත් දෙවන කඩුල්ලට ලකුණු 111ක් ද (පන්දුවාර 16.2) ප්‍රථම කඩුල්ලට දුල්නිත් සිගේරා සහ නෙතුල එදිරිමාන්න ලකුණු 57ක සබඳතාවයක් ද (පන්දුවාර 7.4) තෙවන කඩුල්ලට දෙනුර දම්සිත් සහ කිත්ම විදානපතිරණ ලකුණු 56ක සබඳතාවයක් ද (පන්දුවාර 7.5) මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු තුනකට ලකුණු 214 දක්වා ඉහළ නංවා ජයග්‍රහණය ආසන්නයටම කණ්ඩායම රැගෙන ගියහ.
අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි – කළම්බු නෝර්ත් තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි කණ්ඩායම සිය ඉනිම ලකුණු 292කදී (පන්දුවාර 49.4කදී) නිම කළේ පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 5.9කට ආසන්න වන පරිදිය.
ඉනිමේ පන්දුවාර 34ක් අවසාන වන විට කඩුලු හතරකට කැන්ඩි කණ්ඩායම ලකුණු 163ක් පමණක් ලබා සිටියත් අවසාන පන්දුවාර 15.4දී එය වඩා වේගවත් කළේ තවත් ලකුණු 129ක්ම එක්කර ගනිමිනි. එහි වේගය පන්දුවාරයකට ලකුණු අටක් වන පරිද්දෙනි.
කැන්ඩි නායක කවිජ ගමගේ කණ්ඩායමේ ඉනිම ප්‍රබල අයුරින් ගොඩනැඟීමේ දී එහි පුරෝගාමියා වෙමින් අංක හතර පිතිකරුගේ ස්ථානයේ පන්දුවට පහර දී පන්දු 90කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 81ක් රැස් කළේය.
කවිජ ගමගේ මෙහිදී සාර්ථක සබඳතා දෙකකට ද සම්බන්ධ විණි. එම සබඳතා දෙක වුයේ සිව්වන කඩුල්ලට පුලීෂ තිලකරත්න (45) සමඟ පන්දුවාර 20.1කදී එක්කළ ලකුණු 88 සහ පස්වන කඩුල්ලට ෂෙවෝන් කණිෂ්ක (33) සමඟ පන්දුවාර 7.5කදී රැස් කළ ලකුණු 73ක සම්බන්ධයන්යි.
කැන්ඩි ඉනිම ලකුණු 292ක් කරා ගෙනයාමට පිතිකරුවන් හත්දෙනකුම ලකුණු විස්ස අභිබවා දායක විණි. එම පිතිකරුවන් වූ නායක කවිජ ගමගේ ලකුණු 81ක් ද ඇඩම් හිල්මි ලකුණු 48ක් ද (පන්දු 29යි හතරේ දෙකයි හයේ තුනයි) පුලීෂ තිලකරත්න ලකුණු 45ක් ද (පන්දු 72යි හතරේ හතයි) ෂෙවෝන් කණිෂ්ක ලකුණු 33ක් ද (පන්දු 21යි හතරේ හයයි) කෞෂිaක කුමාරසිංහ ලකුණු 23ක් ද දිමන්ත මහාවිතාරණ ලකුණු 22ක් ද කාශ්‍යප දිසානායක ලකුණු 21ක් ද රැස් කළහ.
- දඹුල්ල කඩුලු තුනකින් කළම්බු සවුත් පරාජය කරයි.
දඹුල්ල සහ කළම්බු සවුත් අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු මේ තරගයේ දී දඹුල්ල ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් කරායද්දී කඩුලු 7කට ලකුණු 169ක් ලබා කඩුලු තුනකින් ජය ගත්තේ තවත් පන්දු 25ක් ඉතිරිව තිබියදීය.
දඹුල්ල ලකුණු 169ක් හඹායද්දී වරක් ලකුණු 74කට කඩුලු පහක් දැවී ඔවුන් පත්ව සිටියේ අසීරු තත්ත්වයකටය. මේ අවස්ථාවේ ආරම්භක පිතිකරු ජනිඳු රණසිංහ හයවන සහ හත්වන කඩුලු සඳහා සබඳතා දෙකකට සම්බන්ධ වෙමින් කණ්ඩායම ජයග්‍රහණ සීමාව අසළටම ගෙනයාමට ක්‍රියා කළේය.
දඹුල්ල හයවන කඩුල්ලට ජනිඳු රණසිංහ සහ අංක හත පිතිකරු සනුජ නිදුවරපන්දුවාර 15.2කදී ලකුණු 64ක් ද හත්වන කඩුල්ලට ජනිඳු සහ දිමත් අබේසිංහ පන්දුවාර 6.4කදී ලකුණු 29ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට දක්ෂ අයුරින් පන්දුවට පහර දුන්හ.
ජනිඳුට අමතරව පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු සනුජ නිදුවර ලකුණු 33ක් ද (පන්දු 35යි හතරේ හතරයි) දිමත් අබේසිංහ නොදැවී 17ක් ද (පන්දු 22යි හතරේ පහරයි) රැස් කළහ.
කළම්බු නෝර්ත් මුලින් පන්දුවට පහරදෙන අවස්ථාවේ දස්කම් දැක් වු පිතිකරුවන් වු අංක පහ පිතිකරු දිනෙත් සිතුමිණ නොදැවී ලකුණු 69ක් ද (පන්දු 119යි හතරේ හයයි) ආරම්භක පිතිකරු සුහස් ප්‍රනාන්දු ලකුණු 29ක් ද (පන්දු 72යි හතරේ පහරයි) අංක හය පිතිකරු රමිරු පෙරේරා ලකුණු 27ක් ද (පන්දු 26යි හතරේ දෙකයි හයේ පහරයි) කැපී පෙනුණි.
හොඳම සබඳතා වුයේ දිනෙත් සිතුමිණ සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු 42 සහ පස්වන කඩුල්ලට දිනෙත් සහ රමිරු පන්දුවාර 8.1කදී එක්කළ ලකුණු 50 වේ.
ලකුණු පුවරුව
- කළම්බු නෝර්ත් කඩුලු පහකින් කැන්ඩි පරාජය කරයි (ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට)
කැන්ඩි පන්දුවාර 49.4කදී සියල්ල දැවී 292යි – (කවිජ ගමගේ 81, ඇඩම් හිල්මි 48, පුලීෂ තිලකරත්න 45, ෂෙවෝන් කණිෂ්ක 33, කෞෂික කුමාරසිංහ 23, දිමන්ත මහාවිතාරණ 22, කාශ්‍යප දිසානායක 21, තනුග පලිහක්කාර 28/4, රසිත නිම්සර 57/3)
කළම්බු නෝර්ත් කඩුලු 5ට 277යි (පන්දුවාර 42.5යි) අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට – (දුල්නිත් සිගේරා 109, දෙනුර දම්සිත් 58, කිත්ම විදානපතිරණ 52, රාඩි කරීම් 19, නෙතුල එදිරිමාන්න 15, කාශ්‍යප දිසානායක 32/2, රයන් ග්‍රෙගරි 41/2යි)
- දඹුල්ල කඩුලු තුනකින් කළම්බු සවුත් පරාජය කරයි.
කළම්බු සවුත් පන්දුවාර 48කදී සියල්ල දැවී 168යි – (දිනෙත් සිතුමිණ නොදැවී 69, සුහස් ප්‍රනාන්දු 29, රමිරු පෙරේරා 27, භාග්‍ය ඉෂාන් 18/3, කේ. මතුලන් 30/2, දිමන්ත අබේසිංහ 11/2, දමේෂ් මතීෂාන් 23/2)
දඹුල්ල පන්දුවාර 45.5කදී කඩුලු 7ට 169යි – (ජනිඳු රණසිංහ 69, සනුජ නිදුවර 33, දිමත් අබේසිංහ නොදැවී 17, රාජිත් සමරසිංහ 13, ධමේෂ් මතිෂාන් 11, අභීත් පරණවිදාන 20/2, ජොසුවා සෙබස්තියන් 6/1, විමත් දම්සර 11/1)