slc
logo
Home   |    News
අගෝස්තු 16, 2024
මදුෂ්ක – මැතිව්ස් සහ ධනංජය අර්ධ ශතක ලබති

sinhala editor

ලකුණු 185 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින ක්‍රිකට් පුහුණු තරගයේ තෙවැනි දිනයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ලකුණු 121 ක අභියෝගයක් ලබා දීමට සමත්වූවේය. එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි එකම සිව්දින පුහුණු තරගය වූ එම තරගයේදී තෙවැනි දිනට තරගය නිමා කරන විට ලයන්ස් පිතිකරුවෝ පන්දුවාර 7 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියහ.

ඒ අනුව ලයන්ස් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 75 ක් පමණක් වන අතර ඒ සඳහා ඔවුනට තවත් දිනයක් මෙන්ම කඩුලු 8 ක් අත ඉතිරිව තිබේ. ලයන්ස් ඉනිමේ දැවී ගිය පිතිකරුවන් දෙදෙනාම ධනංජය ද සිල්වා විසින් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාතරන් සහ නිශාන් මදුෂ්ක දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සාර්ථක අඩිතාලමක් එක් කිරීමට සමත්වූහ. එහිදී ඉනිමේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 88 කදී ලකුණු 77 ක් ලබා ගත්තේය. හිටපු නායක දිමුත් කරුනාරත්න ලකුණු 43 කින් ලකුණු පුවරුවට දායකත්වය දැක්වූවේය.

කුසල් මෙන්ඩිස් (03) යළිත් අසාර්ථක වූ අතර දිනේෂ් චන්දිමාල් අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමට ගොස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වූහ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් (51) සහ නායක ධනංජය ද සිල්වා (66) අර්ධ ශතක වාර්තා කර ගනිමින් හොඳ පිතිකරණ පුහුණුවක් ලබා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකා කඳවුර දෙසින් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් විය. පන්දු ැවීමේදී ෆර්හාන් අහමඩ් කඩුලු 3 ක් දවා ගනිද්දී ලින්ඩන් ජේම්ස්, සමන් අක්ටර් සහ ජොෂ් හුල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

අවසානයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 87.1 කදී ලකුණු 306 කට සීමා කිරීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 139 යි

දිමුත් කරුනාරත්න 26, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12, ප්‍රභාත්  ජයසූරිය 20, මිලාන් රත්නායක 17, නිශාන් මදුෂ්ක 11, ඇන්ජලෝ මැතිව්ස් 11, ධනංජය ද සිල්වා 02, සදීර සමරවික්‍රම 08, කසුන් රජිත 08*, ළහිරු කුමාර 01, ජොෂ් හුල් 30/3, සමන් අක්ටර් 32/5

එංගලන්ත ලයන්ස් පලමු ඉනිම ලකුණු 324 යි

රොබ් යේට්ස් 25, බෙන් මැකිනි 46, ඔලිවර් ප්‍රයිස් 22, හම්සා ශයික් 91, ජේම්ස් රූ 22, ෆර්හාන් අහමඩ් 13, ලින්ඩන් ජේම්ස් 08, කේසි අල්ඩ්‍රිජ් 78, සමන් අක්ටර් 00, අජීත් සිං 01, ජොෂ් හුල් 03, ප්‍රභාත් ජයසූරිය 102/5, කසුන් රජිත 51/2, ළහිරු කුමාර 92/1, මිලාන් රත්නායක 65/1

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 306 යි

නිශාන් මදුෂ්ක 77, දිමුත් කරුණාරත්න 43, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 51, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 51, දිනේෂ් චන්දිමාල් 00, ධනංජය ද සිල්වා 66, සදීර සමරවික්‍රම 66, සදීර සමරවික්‍රම 25, ප්‍රභාත් ජයසූරිය 07, මිලාන් රත්නායක 10, කසුන් රජිත 02, ළහිරු කුමාර 04, ෆර්හාන් අහමඩ් 87/3, ලින්ඩන් ජේම්ස් 34/2, ජොෂ් හුල් 44/2, සමන් අක්ටර් 59/2

එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම කඩුලු 2 ට ලකුණු 47 යි

බෙන් මැකිනි 20, බොබ් යාට්ස් 17*, ධනංජය ද සිල්වා 13/2

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

USD United States (US) dollar