slc
logo
Home   |    News
අගෝස්තු 7, 2024
වසර 2 කට පසු පැතුම් නිස්සංක ටෙස්ට් පිලට

sinhala editor

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් අනතුරුව නිස්සංකට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පිතිකරුවකු ලෙස වර්තමානයේ ඔහු ලබා තිබෙන සාර්ථකත්වය මත සලකා බලමින් ඔහුව යළිත් ටෙස්ට් සංචිතය සඳහා එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අවසන් වතාවට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලියට ඇතුළත්ව සිටි පා දඟ පන්දු යවන වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සිව එක් කර තිබේ. ඉකුත්දා ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 6 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට වැන්ඩර්සි සමත්වූවේය.

මීට අමතරව බංග්ලාදේශ තරග සංචාරය සදහා ඇතුළත්ව සිටි කණ්ඩායමේ ළහිරු උදාර, චාමික ගුණසේකර සහ නිශාන් පීරිස්වද කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට නිසල තාරක සහ මිලාන් රත්නායකව 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා මේ වන විටත් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් එංගලන්තය බලා ගොස් සිටින අතර ඉතිරි පිරිස ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු කුමාර, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සි, මිලාන් රත්නායක.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar