slc
logo
Home   |    News
අගෝස්තු 31, 2024
ශ්‍රී ලංකාවට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිලට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් එල්ල වෙයි. තරගය නිමාවීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදී මෙම ඉලක්කය පසු කිරීම ශ්‍රී ලංකාවට ඇති විශාලතම අභියෝගය වේ. අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිල තඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 23ක් හා ‘නයිට් වොච්මන්‘ ලෙස පිටියට පිවිසි ප්‍රභාග් ජයසූරිය නොදැවී ලකුණු 3ක් ලබා සිටියහ.

පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 231ක් ශ්‍රී ලංකා පිල පිටුපසින් සිටි අතර, අද (31) තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට එංගලන්ත පිල තවත් ලකුණු 251ක් ලබා ගත්තේය. පළමු ඉනිමට ලකුණු රැස්කල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 196කට දැවී ගිය අතර, එංගලන්ත පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කර ගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස ප්‍රචලිත ලොඩ්ස් ක්‍රීඩාංගණයේ ඉනිම දෙකේදීම ශතක රැස්කරගත් සිවුවැනි පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ ජෝ රුට් පළමු ඉනිමේදී ලකුණු 143ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 103ක් රැස්කරමින් ක්‍රිකට් වාර්තා පොතට එක් විය. මෙයට පෙර ලෝඩ්ස් පිටියේදී මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ 1939දී කොදෙව් ක්‍රීඩක ජෝජ් හේඩ්ලි ලකුණු 106ක් හා 107ක්, 1990දී එංගලන්තයේ ග්‍රෙහෑම් ගූජ් ලකුණු 333ක් හා 123ක්, 2004දී එංගලන්තයේ මයිකල් වෝන් ලකුණු 103ක් හා 101ක් ලබා ගෙනය.

ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 6 වැනි පිතිකරු බවට පත්ව සිටින අතර, එම ස්ථානය ගැනීමට ජෝ රූට් තවත් ලකුණු 23ක් ලබාගත යුතු වේ. රූට් 50 වැනි ජාත්‍යන්තර ශතකය ලෝඩ්ස් පිටියේ වාර්තා කළ අතර, එය එක්දින තරගවලදී 16ක් හා ටෙස්ට් තරගවලදී ශතක 34ක් ලෙස වාර්තා පොතේ ලියැවුණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 13කට හා පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවී ගිය හෙයින් පීඩනයක් එල්ල වූ අතර, එම කඩුලු දෙක ඇට්කින්සන් හා ඔලී ස්ටෝන් දවා ගත්හ.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා අංක 7 පිතිකරු කමිඳු මෙන්ඩිස් පන්දු 120කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීම හැර පිතිකරුවෙකු සැලකිය යුතු ලකුණු ගණනක් ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් නොකිරීම මෙම තරගයේ පසු බැසීමට ප්‍රධානතම හේතුව විය.එංගලන්තය වෙනුවෙන් වේගයෙන් ලකුණු අතරට පිවිස සිටි ඇට්කින්සන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර. එය හයේ 4ක් හා හතරේ 14ක් සමඟ පන්දු 115කදී ලකුණු 118ක් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, තම 33 වැනි ටෙස්ට් ශතකය පළමු ඉනිමේ රැස්කළ ජෝ රූට් එංගලන්ත ඉනිමේ නියමුවා බවට පත්වෙමින් ලකුණු 143ක් රැස්කර ගත්තේය.

හෙට (1) තරගයේ සිවුවැනි දිනයයි.

එංගලන්ත පළමු ඉනිම

බෙන් ඩකට් ඇ. කුමාර ප. ජයසූරිය 40
ඩෑන් ලෝරන්ස් ඇ. මධුෂ්ක ප. ළහිරු කුමාර 09
ඔලී පොප් ඇ. ද සිල්වා ප. අසිත ප්‍රනාන්දු 01
ජෝ රූට් ඇ. ද සිල්වා ප. මිලාන් රත්නායක 143
හැරී බෘෘක් ක. මුවා කළා ප. අසිත ප්‍රනාන්දු 33
ජෙමී ස්මිත් ඇ. මධුෂ්ක ප. රත්නායක 21
ක්‍රිස් වෝකස් ඇ. අසිත ප්‍රනාන්දු ප. ළහිරු කුමාර 06
ගස් ඇට්කින්සන් ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු 118
මැතිව් පොට්ස් ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු 21
ඔලී ස්ටෝන් ඇ. මධුෂ්ක ප. අසිත ප්‍රනාන්දු 15
ෂොයිබ් බසීර් නොදැවී 07
අතිරේක 13
එකතුව ඕවර් 102කදී සියලු දෙනා දැවී 427

කඩුලු බිඳ වැටීම: 1 – 33, 2 – 42, 3 – 82, 4 – 130, 5 – 192, 6 – 216, 7 – 308, 8 – 393, 9 – 420, 10 – 427

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 24 – 2 – 102 – 5, මිලාන් රත්නායක 23 – 2 – 89 – 2, ළහිරු කුමාර 23 – 2 – 101 – 2, ප්‍රභාත් ජයසූරිය 29 – 2 – 96 – 1, කමිඳු මෙන්ඩිස් 3 – 0 – 27 – 0

ශ්‍රී ලංකාව පළමු ඉනිම

නිශාන් මධුෂ්ක ප.වෝක්ස් 07
දිමුත් කරුණාරත්න ප. ස්ටෝන් 07
පැතුම් නිශ්ශංක ඇ. පොට්ස් ප. ස්ටෝන් 12
ඇන්ජලෝ මැතිව්ස් ප. පොට්ස් 22
දිනේෂ් චන්දිමාල් ඇ. ලොරන්ස් ප. ඇට්කින්සන් 23
ධනංජය ද සිල්වා ඇ. බෘෘක් ප. පොට්ස් 00
කමිඳු මෙන්ඩිස් ඇ. වෝක්ස් ප. ඇට්කින්සන් 74
මිලාන් රත්නායක ඇ. ස්මිත් ප. වොක්ස් 19
ප්‍රභාත් ජයසුරිය ප. බසීර් 08
ළහිරු කුමාර දුවද්දී දැවී ගියා 00
අසිත ප්‍රනාන්දු නොදැවී 01
අතිරේක 23
එකතුව ඕවර් 55.3කදී සියලු දෙනා දැවී 196

කඩුලු බිඳ වැටීම: 1 – 18, 2 – 32, 3 – 35, 4 – 83, 5 – 83, 6 – 87, 7 – 118, 8 – 1531, 9- 195, 10 – 196

පන්දු යැවීම: වෝක්ස් 13 – 4 – 21 – 2, ඇට්කින්සන් 8.3 – 2 – 40 – 2, ස්ටෝන් 13 – 0 – 70- 2, පොට්ස් 11 – 4 – 19 – 2, බෂීර් 7 – 1 – 21 – 1, රූට් 3 – 0 – 4 – 0

එංගලන්ත දෙවැනි ඉනිම

බෙන් ඩකට් ඇ. මධුෂ්ක ප. රත්නායක 24
ඩෑන් ලෝරන්ස් ඇ. මධුෂ්ක ප. ළහිරු කුමාර 07
ඔලී පොප් ඇ. ජයසූරිය ප. අසිත ප්‍රනාන්දු 17
ජෝ රූට් ඇ. මෙන්ඩිස් ප ළහිරු කුමාර 103
හැරී බෘෘක් ඇ. මධුෂ්ක ප. ජයසූරිය 37
ජෙමී ස්මිත් ක. මුවා. කළා. ප. ජයසූරිය 26
ක්‍රිස් වෝකස් ඇ. නිශ්ශංක ප. රත්නායක 05
ගස් ඇට්කින්සන් ඇ. කුමාර ප. අසිත ප්‍රනාන්දු 14
මැතිව් පොට්ස් ඇ. චන්දිමාල් ප. අසිත ප්‍රනාන්දු 02
ඔලී ස්ටෝන් ඇ. නිශ්ශංක ප. ළහිරු කුමාර 07
ෂොයිබ් බෂීර් නොදැවී 01
අතිරේක 08
එකතුව ඕවර් 54.3කදී සියලු දෙනා දැවී 251
කඩුලු බිඳ වැටීම: 1 – 22, 2 – 35, 3 – 69, 4 – 127, 5 – 171, 6 – 196, 7 – 221, 8 – 227, 9 – 250, 10 – 251

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 13 – 0 – 52 – 3, ළහිරු කුමාර 12.3 – 0 – 53 – 3, මිලාන් රත්නායක 9 – 1 – 36 – 2, ප්‍රභාත් ජයසුරිය 20 – 2 – 105 – 2

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

නිශාන් මධුෂ්ක ඇ. රූට් ප. ඇට්කින්සන් 13 දිමුත් කරුණාරත්න නොදැවී 23
පැතුම් නිශ්ශංක ඇ. රූට්ස් ප. ස්ටෝන් 14
ප්‍රභාත් ජයසුරිය නොදැවී 03 අතිරේක 00 එකතුව ඕවර් 20කදී කඩුලු 2ක් දැවී 53

කඩුලු බිඳ වැටීම: 1 – 19, 2 – 43

පන්දු යැවීම: වෝක්ස් 5 – 1 – 9 – 0, ඇට්කින්සන් 4 – 0 – 15 – 0, බෂීර් 5 – 0 – 11 – 0, රූට්
4 – 1 – 9 – 0, පොට්ස් 1 – 0 – 8 – 0, ස්ටොන් 1 – 0 – 1 – 1

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee