slc
logo
Home   |    News
අගෝස්තු 15, 2024
ශ්‍රී ලංකා පිතිකරුවන් පසුබෑමක

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය ලයන්ස් කණ්ඩායම අතර වූස්ටර්හිදී ආරම්භ වුණු සිවුදින පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දුවාර 43.5 කට සීමා කිරීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරතුරදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 139 ක්  පමණි.

ශ්‍රී ලංකා ඉනිම හමාර වද්දී කැපී පෙනෙන  පන්දු යැවීමක නිරත වූ සමාන් අක්තර් ලකුණු 32 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ හෙළුවේය. ඔහුට අමතරව ජොෂ් හුල් ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කිීමට හිටපු නායක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්වූ අතර ඔහු හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 26 ක් රැස් කළේය. ඔහුට අමතරව වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රභාත් ජයසූරිය වන අතර හෙතෙම ලකුණු 20 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද සමඟිනි. ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වද්දී 8 වැනි කඩුල්ලට එක් වුණු මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 27 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලලකුණු පුවරුව ඉදිරියට රැගෙන ආහ. කසුන් රජිත නොදැවී ලකුණු 08 ක් ලබා සිටියයේ.

ශ්‍රී ලංකා වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවාලූ සෙසු පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් (12), දිනේෂ් චන්දිමාල් (12), නිශාන් මදුෂ්ක (11) සහ ඇන්ජලෝ මැතිව්ස් (11) පමණි.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ලයන්ස් කණ්ඩායම දිනය අහවර වද්දී කඩුලු 4 කට ලකුණු 145 ක් ලබා සිටියි. පන්දු යැවීමේදී කැපී පෙනුණු ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 3 ක් ද මිලාන් රත්නායක ලකුණු 19 කට කඩුල්ක්ද ලබා සිටියි.

පිතිකරණයේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක් එක් කිරීමට රොබ් යාට්ස් සහ බෙන් මැකිනි සමත්වූහ. පෙරළා ආ උඩපන්දුවක් රැක ගත් ජයසූරිය ලයන්ස් පළමු කඩුල්ල්ල බිඳ හෙළූවේය.  

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 139 යි

දිමුත් කරුනාරත්න 26, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12, ප්‍රභාත්  ජයසූරිය 20, මිලාන් රත්නායක 17, නිශාන් මදුෂ්ක 11, ඇන්ජලෝ මැතිව්ස් 11, ධනංජය ද සිල්වා 02, සදීර සමරවික්‍රම 08, කසුන් රජිත 08*, ළහිරු කුමාර 01, ජොෂ් හුල් 30/3, සමන් අක්ටර් 32/5

එංගලන්ත ලයන්ස් පන්දුවාර 34 කදී කඩුලු 4 ට ලකුණු 145 යි

රොබ් යාට්ස් 25, බෙන් මැකිනි 46, ඔලිවර් ප්‍රයිස් 22, හම්සා ශයික් 21*, ජේම්ස් රූ 22, ෆර්හාන් අහමඩ් 03*, ප්‍රභාත් ජයසූරිය 42/3, මිලාන් රත්නායක 19/1

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee