slc
logo
Home   |    News
අගෝස්තු 24, 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 82කින් ඉදිරියට

sinhala editor


සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 82ක් ඉදිරියෙන් සිටියේය. පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද මුල් කඬුලු දෙක කඩා වැටීමෙන් අපහසුතාවට පත් වූ ශ්‍රී ලංකා පිලේ පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් හා කමිඳු මෙන්ඩිස් එක්ව පන්දු 152කදී ලකුණු 78ක සබඳතාවක් හා මැතිව්ස් - දිමුත් එක්ව පන්දු 69කදී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැඟීමෙන් ඉනිම යම් දුරකට ශක්තිමත් වුහ.

ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක ලකුණු 1ක් තුලදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූ අතර, එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න ලකුණු 27කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් සිය 42 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 145කදී හයේ පහරක් හා හතරේ 2ක් සමඟ ලකුණු 65ක් වාර්තා විය. වසර 2කට පෙර ටෙස්ට් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් කඬුල්ලේ රැදී සිටින අතර, ඔහු නොදැවී ලබා ඇති ලකුණු ගණන 56කි. ඇඟිල්ලේ ආබාධයකින් පිටියෙන් ඉවතට ගොස් යළි පැමිණි චන්දිමාල් නොදැවී ලකුණු 20ක් ලබා සිටී. 

දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටි අතර, ඊයේ ඉතිරි කඩුලු 6 ලකුණු 108ක් තුල දැවීගිය හෙයින් එංගලන්ත පළමු ඉනිම ලකුණු 358ක් විය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 236ක් ලබාගත් හෙයින් එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 122කින් ඉදිරියෙන් සිටියේය. එංගලන්ත ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ ජෙමී ස්මිත් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 148කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 111ක් ගබා ගත්තේය.

වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු එංගලන්ත පිලේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තේය. 

මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා මුලින් පන්දුවට පහරදීමේදී වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. සටන්කාමී ක්‍රීඩාවක නිරත වූ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක පළමු ඉනිමේදී අර්ධ ශතක රැස් කළහ. මංගල ටෙස්ට් තරගයේදී 28 හැවිරිදි මිලාන් රත්නායක හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 135කින් ලකුණු 72ක් රැස් කර ගත්තේය. මෙයට අමතරව නායක ධනංජය ද සිල්වා පන්දු 84කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 74ක් ලබා ගත්තේය.


ශ්‍රී ලංකාව පළමු ඉනිම
නිශාන් මධුෂ්ක ඇ.රූට් ප.වෝක්ස්                      04
දිමුත් කරුණාරත්න ඇ.ස්මිත් ප.ඇට්කින්සන්        02
කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වුඩ්                         24
ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප.වෝක්ස්              00
දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.බෂීර්                      17
ධනංජය ද සිල්වා ඇ.ලෝරන්ස් ප.බෂීර්                74
කමිඳු මෙන්ඩිස් ඇ.ස්මිත් ප.වෝක්ස්                    12
ප්‍රභාත් ජයසූරිය ඇ.ස්මිත් ප.ඇට්කින්සන්              10
මිලාන් රත්නායක ඇ.වෝක්ස් ප.බෂීර්                  72
විශ්ව ප්‍රනාන්දු දුවද්දි දැවී ගියා                             13
අසිත ප්‍රනාන්දු නොදැවී                                      00
අතිරේක                                                          08
එකතුව ඕවර් 74කදී සියලු දෙනා දැවී                  236

කඩුලු බිඳ වැටීම: 1 - 6, 2 - 6, 3 - 6, 4 - 40, 5 - 72, 6 - 92, 7 - 113, 8 - 176, 9- 226, 10 - 236
පන්දු යැවීම: වෝක්ස් 11-3-32-3, ඇට්කින්සන් 16-3-48-2, පොට්ස් 9-0-48-0, වුඩ් 8-0-31-1, බෂීර් 23-4-55-3, රූට් 7-2-18-0.

එංගලන්ත පළමු ඉනිම

බෙන් ඩකට් ක. මුවා කළා. ප. අසිත ප්‍රනාන්දු           18
ඩෑන් ලෝරන්ස් ඇ. චන්දිමාල් ප. විශ්ව ප්‍රනාන්ද       30
ඔලී පොප් ප. අසිත ප්‍රනාන්දු                                   06
ජෝ රූට් ඇ. චන්දිමාල් ප. අසිත ප්‍රනාන්දු                42
හැරී බෘෘක් ප. ජයසූරිය                                          56
ජෙමී ස්මිත් ඇ. චන්දිමාල් ප. ජයසූරිය                   111
ක්‍රිස් වෝකස් ප. ජයසූරිය                                       25 
ගස් ඇට්කින්සන් ඇ. චන්දිමාල් ප. රත්නායක           20
මැතිව් බොට්ස් ඇ. කමිඳු මෙන්ඩිස් ප. විශ්ව ප්‍රනාන්දු  17 
මාර්ක් වුඩ් ප. අසිත ප්‍රනාන්දු                                   22
ෂොයිබ් බසීර් නොදැවී                                           03
අතිරේක                                                             08
එකතුව ඕවර් 85.3කදී  සියලු දෙනා දැවී                   358 

කඩුලු බිඳ වැටීම: 1 - 30, 2 - 40, 3 - 67, 4 - 125, 5 - 187,  6 - 239, 7 - 305, 8 - 315, 9 - 348, 10 - 358

පන්දු යැවීම: ධනංජය 2 - 0 - 14 - 0, ජයසූරිය 31 - 5 - 85 - 3, අසිත ප්‍රනාන්දු 18 - 0 - 10-3 - 4, විශ්ව ප්‍රනාන්දු 19.3 - 1 - 73 - 2, මිලාන් රත්නායක 13 - 0 - 66 - 1, කමිඳු මෙන්ඩිස් 2 - 0 - 13 - 0

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

නිශාන් මධුෂ්ක ප.වෝක්ස්                                   00
දිමුත් කරුණාරත්න ඇ.බෘෘක් ප.වුඩ්                       27
කුසල් මෙන්ඩිස් ඇ. ස්මිත් ප. ඇට්කින්සන්             00
ඇන්ජලෝ මැතිව්ස්  ඇ. පොට්ස් ප. වෝක්ස්           65
දිනේෂ් චන්දිමාල් නොදැවී                                   20
ධනංජය ද සිල්වා  ක. මුවා. කළා ප. පොට්ස්           11
කමිඳු මෙන්ඩිස් නොදැවී                                       56
මිලාන් රත්නායක  ඇ. ඩකට් ප. රූට්                      10
අතිරේක                                                             15
එකතුව ඕවර් 60කදී කඬුලු 6ක් දැවී                        204

කඩුලු බිඳ වැටීම: 1 - 0, 2 - 1, 3 - 52,  3 - 74, 4- 95, 5- 173, 6 - 190
පන්දු යැවීම: වෝක්ස් 12 - 3 - 34- 2, ඇට්කින්සන් 10 - 1 - 38 - 1, බෂීර් 16 - 0 - 61 - 0, වුඩ් 10. 2 - 1 -- 36 - 1,   පොට්ස් 11 - 4 - 26 - 1,  රූට් 0.4 - 0 - 1 - 1

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee