slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2024
අගෝස්තු මස ලොව දක්ෂතම ICC ක්‍රීඩකයා වෙල්ලාලගේ – ක්‍රීඩිකාව හර්ෂිතා

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු මසට අදාළ දක්ෂතම ක්‍රීඩකයින් නම් කිරීමේදී එම සම්මාන ද්විත්වයම ශ්‍රී ලාංකිකයින් දෙපළක් වන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කාන්තා ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම දිනා ගැනීමට සමත්ව සිටිති. මෙම තරග ඉතිහාසයේ එකම රටක දෙපළක් අදාළ සම්මාන දිනා ගත් දෙවැනි අවස්ථාව ලෙසින් මෙය ඉතිහාස ගත විය.

නිමාවට පත් වුණු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ දැක්වූ දක්ෂතා මත පදනම්ව දුනිත් වෙල්ලාලගේද, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව අයර්ලන්තයේ  පැවැති තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රමද එම ගෞරව සම්මානවලට පාත්‍රවී සිටිති.

ඉන්දියාවට එරෙහි තරග සංචාරයේ පැවැති එක්දින තරග තුනේදී වෙල්ලාලගේ පන්දු යවමින් කඩුලු 7 ක් සහ පන්දුවට පහර දෙමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54 ක් රදවා තබා ගනිමින් ලකුණු 108 ක්ද ලබා ගනිමින් එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ අතර අගෝස්තු මසදී පැවැති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේදී හර්ෂිතා පිතිකාරිනියක් ලෙස අතිෂය දක්ෂතා දැක්වීමට සමත්වූවාය. එම තරගාවලියේදී ඇය සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත්වූවාය. එම එක්දින තරග දෙකේදී හර්ෂිතා 19, 105 සහ නොදැවී 48 වශයෙන් ලකුණු ලබා ගත්තාය. ඊට අමතරව පැවැති විස්සයි-20තරගාවලියේදී ඇය නොදැවී ලකුණු 86 ක් සහ 65 ක් වශයෙන් අර්ධ ශතක වාර්තා කරමින් පිතිකාරිණියක් ලෙස අතිශය සාර්ථකත්වයක් පෙන්නුම් කළාය.  

සෑම මාසයකදීම ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට තරග පිටියේ දක්වන ලද දක්ෂතා මත පදනම්ව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම සම්මාන ලබාදීම සිදුකරනු ලබයි. වෙල්ලාලගේට සහ සමරවික්‍රමට ප්‍රථම ඉන්දියාවේ ජස්ප්‍රිට් භුම්රා සහ ස්මිත්‍රී මන්දානා මීට පෙර එකම මාසකදී දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව යන සම්මානය එකම මසකදී දිනා ගැනීමට සමත්වූ පළමු වැනි දෙපළ බවට පත්වූහ.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar