slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2024
කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි

sinhala editor

ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරුවෙන් මුදා ගත්හ. මෙම කඩුලු සම්බන්ධතාවය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 ක් දැවී ලකුණ 211 ක් ලෙසින් සටහන් වූයේ එංගලන්තය පළමු ඉනිමට වඩා ලකුණ 114 ක් පිටුපසින් සිටිමිනි.

ලන්ඩන්හි ඕවල් පිටියේ පැවැත්වෙන පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන නායක ධනංජය ද සිල්වා ලකුණු 64 ක් සහ කමිඳු මෙන්සේ ලකුණු 54ක් වශයෙන් නොදැවී අර්ධ ශතක රැස් කරගෙන සිටියහ. ඒ වනවිටත් නායකයා හතරේ පහර 10 කින් සිය ඉනිම සරසා ගනිද්දීි කමිඳු හතරේ පහර 6 කින් ඉනිම සරසාගෙන සිටියේය.

ක්‍රිස් වෝක්ස්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක ලකුණ් 64කට දැවී ගියේය. ඒ වනවිටත් ඔහු මුහුණ දී තිබුණේ පන්දු 51 කට පමණක් වුවත් එයට හතරේ පහර 9 ක් ඇතුළත්ව තිබිණ. මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ජොස් හල්ගේ මංගල කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක පිටියෙන් ඉවත් වූවේය.

ශ්‍රී ලංකා ඉනිමේ අවාසනාවන්තම සිදුවීම වූයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යැමකට හසුවීමයි. ලකුණ 09 ක් ලබා සිටියදී දිමුත් දැවී ගිය අතර අනතුරුව මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙරම දැවී යෑම ශ්‍රී ලංකාවට අසීරු අඩියකට ඇද දැමූ සිදුවීමක් විය.

දෙවැනි තරගයේදී ස්ථානය අහිමිවූ කුසල් මෙන්ඩිස් අද දිනයේදී දැවී ගියේ ක්‍රිස් වොක්ස්ගේ පන්දුවක් හමුවේ හැරී බෘෘක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. කුසල් අද දිනයේදී ද රැස් කරන ලද්දේ ලකුණු 14 ක් පමණි.

එංගලන්ත ඉනිමේ ගැලවුම් කාරයා වූ නායක ඔලී පෝප්ගේ ලකුණු 154 ක ඉනිම නොවන්නට එංගලන්තයට අසීරු වන්නට ඉඩ තිබිණ, කෙසේ වෙතත් පෙර දිිනයේ කඩුලු 3 කට ලකුණ් 221ක් ලබා සිටි එංගලන්ත ඉනිම අද දිනයේදී ලකුණු 325 කට සීමා කිරීමට මිලාන් රත්නායකු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය සමත් වූහ.

එංගලන්ත කණ්ඩායම පන්දුවාර 69.1 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි

බෙන් ඩක් 86, ඩෑන් ලෝරන්ස් 05, ඔලී පෝප් 154, ජෝ රූට් 13, හැරී බෘෘක් 19, ජැමී ස්මිත් 16, ඔලී ස්ටෝන් 15, ළහිරු කුමාර 97/2, මිලාන් රත්නායක 56/3, විශ්ව ප්‍රනාන්දු 46/2, අසිත ප්‍රනාන්දු 88/1, ධනංජය ද සිල්වා 18/2

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee