slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2024
කොදෙව් පිල ලබන මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

sinhala editor

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

ඔක්තෝම්බර් මස 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙම තරගාවලිය එම 26 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයෙන් අවසන් වනු ඇත.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලිය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් පැවැත්වෙනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් අවසන් වතාවට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවන ලද්දේ ඉකුත් 2019/20 වර්ෂවලදී වන එතර එහිදී එක්දින තරගාවලිය 3-0 ක් ලෙසත් විස්සයි-20 තරගාවලිය 2-0ක් ලෙසත් ජය ගැනීමට කොදෙව්වෝ සමත්වූහ.

දිනයතරගයක්‍රීඩාංගණය
ඔක්තෝම්බර් 13පළමු විස්සයි-20 තරගයරංගිරි දඹුල්ල
ඔක්තෝම්බර් 15දෙවැනි විස්සයි-20 තරගයරංගිරි දඹුල්ල
ඔක්තෝම්බර් 17තෙවැනි විස්සයි-20 තරගයරංගිරි දඹුල්ල
ඔක්තෝම්බර් 20පළමු එක්දින තරගයපල්ලේකැලේ
ඔක්තෝම්බර් 23දෙවැනි එක්දින තරගයපල්ලෙකැලේ
ඔක්තෝම්බර් 26තෙවැනි එක්දින තරගයපල්ලෙකැලේ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee