කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති විශීෂ්ඨ ශතක හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනදීද තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය හමාර වීමට පන්දුවාර 14 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 5 කට ලකුණ 602 ක් වශයෙන් සටහන්ව තිබියදීය.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනයවූ අද (27 වැනිදා) දිනය නිමාවට පෙර යවන ලද පන්දුවාර 14 දී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 22 ක් ඇතුළතදි දවා ගනිමින් තරගයට සාර්ථක ප්‍රෙව්ශයක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් මිඳීමට නම් මුල් ඉනිමේදී තවත් කඩුලු 8 ක් ඇතුළත තවත් ලකුණු 381 ක් ලබාගත යුතුවීමේ අභියෝගය ඉතිරිව තිබේ.
එකිනෙකාට නොදෙවැනි වූ පිතිහරඹයක නිරත වූ කමිඳු සහ කුසල් දෙදෙනා හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ලකුණු 99 ක් ලබා සිටියදී ශතකය ලබා ගැනීම වෙනුවෙන් සීමා ඉරෙන් ඉදිරියට පිවිස එල්ල කරන ලද හයේ පහරින් කුසල් තම ශතකය සපුරා ගනිද්දී කමිඳු මෙන්ඩිස් හයේ පහරකින් තම ලකුණු 1000 කඩ ඉම ඉක්මවා ගියේය.
ද්විත්ව ශතකය ආසන්නයටම (ලකුණු 18) කමිඳු පිවිසි සිටි හෙයින් ඔහු ද්විත්ව ශතකය කරා යනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. එහෙත් ඊට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වී තිබුණේ ප්‍රතිවාදී පිලේ කඩුලු කීපයක් දවා ගනිමින් ඔවුන්ට පිඩනයක් එල්ල කොට තරගය හැකි ඉක්මනින් ජය ගැනීමය. එබැවින් කමිදුට සිය මංගල ද්විත්ව ශතකය සිහිනයක් බවට පත්විය. කමිඳු එල්ලකරන ලද හයේ පහරත් සමඟම ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන බවට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් එවනු ලැබීය.
මෙන්ඩිස්ලා ගොඩනංවන ලද එම ලකුණු සම්බන්ධතාවය නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරු යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහ්න විය. ඒ අතරතුර 13 වැනි ටෙස්ට් ඉනිමේදී පස්වැනි ශතකය සපුරා ගැනීමට වමත් පිතිකරු මෙන්ඩිස් සමත්වූවේය. ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක්ද සම කරමිනි. කමිඳු සහ බ්‍රැඩ්මන් දෙදෙනාම වඩා අඩුම ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ටෙස්ට් ශතකය ලබා ඇත්තේ ශ්‍රීමත් එවර්ටන් වික්ස් (10), එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් (12) සහ ඔස්ට්‍රේලියාවේ නීල් හාවි (12) පමණි.
කෙසේ වෙතත් ආසියානු පිතිකරුවන් අතර අඩුම ඉනිම සංඛ්‍යාවකින් 5 වැනි ශතකය ඉක්මවා යෑමේ ගෞරවය කමිඳු සතු වේ. මීට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් ශතක 5 ක් වාර්තා කර ඇත්තේ පාකිස්තානු පිලේ වමත් පිතිකරු ෆාවට් අලාම් වන අතර ඔහු එම දස්කම දැක්වීම සඳහා ඉනිම 22 කට ක්‍රීඩා කර තිබේ.
දිනයේ දැවී ගිය සෙසු පිතිකරුවන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් (88) සහ නායක ධනංජය ද සිල්වා (44) වේ. මොවුන් දෙදෙනාම ග්ලෙන් පිලිප්ස්ගේ පන්දු හමුවේ දැවී ගියහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 163.4 කදී කඩුලු 5 කට ලකුණු 602 යි
පැතුම් නිස්සංක 01, දිමුත් කරුණාරත්න 46, දිනේෂ් චන්දිමාල් 116, ඇන්ජලෝ මැතිව්ස් 88, කමිඳු මෙන්ඩිස් 182*, ධනංජය ද සිල්වා 44, කුසල් මෙන්ඩිස් 106*, ග්ලෙන් පිලිප්ස් 141/3, ටිම් සවුති 70/1
නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 14 කදී කඩුලු 2 කට ලකුණ 22 යි
ටොම් ලේතම් 02, ඩෙවෝන් කෝන්වේ 09, කේන් විලියම්සන් 06*, අසිත ප්‍රනාන්දු 05/1, ප්‍රභාත් ජයසූරිය 03/1