slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2024
නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පළමු ඉනිමට කිට්ටු කරති

sinhala editor

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 දා) පස්වරුවේ තරගය නිමා කරන විට පහසු පිතිහරඹයක නිරත වූ නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට කිට්ටු කළහ. ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 305 ට වඩා නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 50 ක් පිටුපසින් සිටින්න් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ගනිමිනි.

රචින් රවීන්ද්‍රෙගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 18 ක් සහ ඩැල් මිචෙල් ලකුණු 41 ක් ලබා ගනිමින් තරගයේ තෙවැනි දිනය වූ හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගෙන සිටිති.

ලොව වඩාත් නිහතමානී මෙන්ම ආකර්ශනීය පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවක වන කේන් විලියම්සන් ලකුණු 55 කට දවා ගත් නායක ධනංජය ද සිල්වා ලකුණු පුවරුවට තවත් ලකුණු 9 ක් එකතුවන අතරවාරයේ රචින් රවීන්ද්‍රන් (39) දවා ගනිමින් තරගය නිමා වන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට යම් කිසි සහනයක් ගෙන දුන්නේය. එහෙත් පස්වැනි කඩුල්ලට එක් වුණු මිචෙල් සහ බ්ලන්ඩ්ල් නොබිඳිණු ලකුණු 59 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමූහ.

සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යැවීම අද දිනයේදී ප්‍රශස්ථ මට්ටමක නොපැවැතීම නවසීලන්ත පිතිකරුවන්ගේ වාසියට හේතු වූවේය. ඒ අතරින් ජයසූරියගේ පන්දු හමුවේ රිසිසේ සංචාරක පිතිකරුවන් ලබා ගනිද්දී ලේතම් (70) කඩුල්ල එහු දවා ගත්තේය. පන්දු වාර 17 ක් යැවූ රමේෂ් මෙන්ඩිස් ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ඩෙවෝන් කෝන්වේ (17) දවා ගත්තේය.

දඟ පන්දු යවන්නන්ට වඩාත් හිතකර ගාල්ල තණතීරුවේදී වේග පන්දුවෙන් දක්ෂතා දැක්වූ විලියම් ඔරූක් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 55 ක් ලබා දෙමිනි. තම තෙවැනි ටෙස්ට් තරගය මෙම තරගය බවට කරගත් දකුණත් වේග පන්දු යවන්නා එවැනි දක්ෂතාවයක් දැක්වූ දෙවැනි අවස්ථාව ලෙසින් මෙය සනිටුහන් විය.

ශ්‍රී ලංකා පිල අද දිනය ආරම්භ කළේ කඩුලු 7 ට ලකුණු 302 ක්ව තිබියදීය. එහෙත් අවසන් කඩුලු 3ම තම ග්‍රහණයට නතු කරගත් වේග පන්දු යවන්නා ලකුනු 03 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කළේය.

හෙට තරගයේ තෙවැනි දිනයයි

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 91.5 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි

කමිදු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50, රමේෂ් මෙන්ඩිස් 14, පැතුම් නිස්සංක 27, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, විලියම් ඔරූක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලෙන් පිලිප්ස් 52/2

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 4 ට ලකුණු 255 යි

ටොම් ලේතම් 70, ඩෙවෝන් කොන්වේ 17, කේන් විලියම්සන් 55, රචින් රවීන්ද්‍රන් 39, ඩැරල් මිචෙල් 41*, ටොම් බ්ලන්ඩ්ල් 18, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 69/1, ප්‍රභාත් ජයසූරිය 99/1

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee