slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2024
ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් පෙණෙන මානයට

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු 602 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 88 කට දවා ලීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ තෙවැනි දිනයවූ අද (28 දා) පස්වරුවේ තරගය නිමා කර දමන විට නැවතත් ඉනිමක පරාජයේ බේරීමේ සටනක නිරතව සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම් නමට නම් තවත් ලකුණ් 315 ක් ලබා ගත යුතු අභියෝගය ඔවුන් හමුවේ පවතියි. බරපතල තත්ත්වය වන්නේ ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 5 ක් පමණක් වන අතර ඒ අතරිනුත් වගකීම් දැරිය හැකි අයවලුන් සිටින්නේ මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටින ටොම් බ්ලන්ඩල් (47*) සහ ග්ලෙන් පිලිප්ස් (32*) පමණි. මොවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩ නංවාගෙන සිටිති.

නවසීලන්ත  පළමු ඉනිමේ කඩුලු 6 ක් තම කඩුලු මල්ලට දමා ගත් ප්‍රභාත් ජයසූරිය නැවතත් දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5 න් එකකද හිමිකරුවා වෙමින් කඩුලු 100 ආසන්නයට පැමිණ සිටියි. ඔහුට ඒ සඳහා අවශ්‍ය වන්නේ තවත් කඩුලු 5 ක් පමණක් පමණි. හෙට දිනයේදී ජයසූරියට එම අභියෝගය පසුකරලීමට හැකි වන්නේ නම් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 20 කට අඩුවෙන් එම දක්ෂතාවය දක්වන ලද පන්දු යවන්නන් අතරට එකතු වීමේ අවස්ථාව උදාවනු ඇත. මෙහිදී අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකර ඇත්තේ මීට වසර 128 කට ඉහතදී එංගලන්තයේ ජෝර්ජ් ලෝමෑන් දක්වා ඇති දක්ෂතාවය වේ. ඔහු ටෙස්ට් තරග 16 කදී එම දක්ෂතාවය දක්වා ඇත.

ලකුණු 514 ක් පිටුපසින් සිට අද දිනය ඇරඹූ නවසීලන්ත පිලට නැවතත් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරදීමට නම් ලකුණු 381 ක් ලබාගත යුතු වීමේ අභියෝගය පැවැතිණ. එහෙත් නවසීලන්ත පිතිකරුවන් කරකවා අත හැරි ජයසූරිය සහ කෝඩුකාර පන්දු ය වන නිශාන් පීරිස් දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම තමන් සතු කර ගත්හ.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින නිශාන් පීරිස්ට සිය මංගල කඩුල්ල ලබා ගැනීම සදහා නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 41 ක් වන තෙක් බලාගෙන සිටීමට සිදුවිය. රචින් රවීන්ද්‍ර ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල වූ අතර පන්දුවාර 39.5 කදී නවසීලන්ත ඉනිම හමාර වනවිට නිශාන් පීරිස්ගේනම ඉදිරියෙන් ලකුණු 33 කට කඩුලු 3 ක් සටහන්ව තිබිණ. මොවුන් දෙදෙනාගේ පන්දු යැවීම නවසීළන්ත 9 වැනි කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 69 දී බිඳ වැටුණද මිචෙල් සැන්ට්නර්ට එක්වූ විලියම් ඔ‘රුක් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුනු 20 ක සම්බන්ධතාවක් ගොඩනැංවමින් ලකුණු සංඛ්‍යාව 88 දක්වා රැගෙන ගියහ.

ඉනිමක පරාජයෙන් බේරීමට නම් තවත් ලකුණු 514 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්තය වෙනුවේන කේන් විලියම්සන් (46) සහ ඩෙවෝන් කෝන්වේ (66) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එහෙත් දිනේෂ් චන්දිමාල්ගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ කෝන්වේ දැවී ගියේ එතෙක් සාර්ථක වූ සම්බන්ධතාවයටද නිමාව තබමිනි. එතැන් සිට ලකුණු පුවරුවට ලකුණු 24 ක් එක් වද්දී නවසීලන්ත ඉනිමේ පිතිකරුවන් සිව් දෙනෙකු දවා ලීමට නිශාන් පීරිස් (3) සහ ජයසූරිය සමත්වූහ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 163.4 කදී කඩුලු 5 කට ලකුණු 602 යි

පැතුම් නිස්සංක 01, දිමුත් කරුණාරත්න 46, දිනේෂ් චන්දිමාල් 116, ඇන්ජලෝ මැතිව්ස් 88, කමිඳු මෙන්ඩිස් 182*, ධනංජය ද සිල්වා 44, කුසල් මෙන්ඩිස් 106*, ග්ලෙන් පිලිප්ස් 141/3, ටිම් සවුති 70/1

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 39.5 කදී සියලු දෙනා දැවී ලකුණු 88 යි

ටොම් ලේතම් 02, ඩෙවෝන් කෝන්වේ 09, කේන් විලියම්සන් 07, අජාස් පටෙල් 08, රචින් රවීන්ද්‍ර 10, ඩැරල් මිචෙල් 13, ටොම් බ්ලන්ඩල් 01, ග්ලෙන් පිලිප්ස් 00, මිචෙල් සැන්ට්නර් 29, ටිම් සවුති 02, විලියම් ඔ‘රූක් 02*, ප්‍රභාත් ජයසූරිය 42/6, නිශාන් පීරිස් 33/3, අසිත ප්‍රනාන්දු 08/1

නවසීලන්ත දෙවැනි ඉනිම පන්දුවාර 41 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 199 යි

ටොම් ලේතම් 00, ඩෙවෝන් කෝනවේ 61, කේන් විලියම්සන් 46, රචින් රවීන්ද්‍ර 12, ඩැරල් මිචෙල් 01, ටොම් බ්ලන්ඩල් 47, ග්ලෙන් පිලිප්ස් 32*, නිශාන් පීරිස් 91/3, ප්‍රභාත් ජයසූරිය 76/1, ධනංජය ද සිල්වා 17/1

Active filters

Recent Posts

  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee