slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2024
වසර 5 කට පසු නවසීලන්ත ටෙස්ට් පිල ශ්‍රී ලංකාවට

sinhala editor

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඒ අතර හිටපු නායක පළපුරුදු පිතිකරු කේන් විලියම්සන්ද පසුවන්නේය. මෙම තරගාවලියේදී නවසීලන්ත පිලේ දඟ පන්දු පුහුණුකරුවා වශයෙන් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කටයුතු කිරීමට නියමිත අතර ඔහුද නවසීලන්ත පිල සමඟින් අද ශ්‍රී ලංකාවට පැමිණියේය.

ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසුම හේතුවෙන් එදින තරගයට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.  ඒ අනුව පළමු ටෙස්ට් තරගය සදහා වන ටෙස්ට් තරගයට දින 6 ක් වෙන්වි ඇත.

දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදී වන අතර එහිදී ගාල්ල සහ කොළඹ පී. සරා ඕවල් යන ක්‍රීඩාංගණවල තරග පැවැත්විණ.එම තරගාවලිය 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.

දෙරට අතර ටෙස්ට ්තරග 39 ක ඉතිහාසයේදී අවස්ථා 18 කදී ජය වාර්තා කිරීමට සංචාරක පිල සමත්වද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 9 ක් පමණි. ටෙස්ට් තරග 11 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිිබේ.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාවේදීි ටෙස්ට් තරගයකට සහභාගිවීමට ඉන්දියාවට ගියද වර්ෂාව හේතුවෙන් එම තරගය එකම පන්දුවක් හෝ යැවීමට අවස්ථාව උදානොවිණ.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ම නොමිලේ නැරැඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා කආයතනය පියවර ගෙන තිබේ

සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ සිට දෙසැම්බර් මස 30 වැනිදායින් නිමාවට පත්වන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිව්වන දොරටුව හරහා ක්‍රීඩාංගණයට පිවිසෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ට වැඩි දුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee