slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2024
කමිඳු ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක් සම කරයි

sinhala editor

ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි

සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර අද ගාල්ලේදී ආරම්භ වූ පළම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කිරීමත් සමඟ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය. නායක ධනංජය ද සිල්වා පිට පිට 5 වැනි වරටත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භයේ නවසීලන්ත වේග පන්දු යවන්න් ශ්‍රී ලංකා පිලට අභියෝග එල්ල කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස පළමු කඩුලු 4 ලකුණු 106කට බිද වැටුනු අතර, කමිඳු මෙන්ඩිස් ගොඩනැගූ සබදතා හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කැපී පෙණෙන ලෙස වර්ධනය විය. කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරග 7කදී ලැබූ ශතක 4ට අමතරව අර්ධ ශතක 4ක් ලබාගත් අතර, අද වාර්තා කළ ලකුණු 114ත් සමඟ ටෙස්ට් ලකුණු 800 පසු කළේය.

කමිඳු ලෝක වාර්තාක් සම කරමින් ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ ලකුණු 50ට වැඩියෙන් රැස් කරමින් පාකිස්තානයේ සවුද් ෂකීල් තබා තිබූ ලෝක වර්තාව සම කිරීමට සමත් වූවේය. සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කොට 2022දී ලෝක වාර්තාව පිහිටුවා තිබූ අතර කමිඳු එය අද දිනයේ සම කළේය.

කමිඳු මෙන්ඩිස් හා කුසල් මෙන්ඩිස් හයවැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩ නැගීමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් වූ අතර. කුසල් මෙන්ඩිස් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය. කුසල් ග්ලේන් පිලිප්ස් එවූ කෙටි පන්දුවකට ‘පුල් පහරක්‘ එල්ල කළ අතර, ෂෝට් ලෙග්හී සිටි ටොම් ලෙතම්ගේ ඇගේ වැදී එන පන්දුව ටිම් සවුති උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මේ තරගයේදී අංක තුන ස්ථානයට පැමිණි දිනේෂ් චන්දිමාල් ලකුණු 30කට දැවී ගිය අතර, නායක ධනංජය ලකුණු 11කට දැවී ගියේය. විලියම් ඕ‘රූක්ගේ පන්දුවක් දකුණු අතේ මාපටැඟිල්ලේ වැදී පිටියෙන් ඉවත්ව ගිය මැතිව්ස් යළි පිටියට පැමිණ කමිඳු සමඟ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 128කදී ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙණුන අවස්ථාවක් විය. ආරම්භක වේග පන්දු යැවූ විලියම් ඕ‘ රූකී කඩුලු 3ක් හා දඟ පන්දු යවන ග්ලේන් පිලිප්ස් කඩුලු 2ක් බිඳ හෙලීය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ප. විලියම් ඕ‘ රූකී 27
දිමුත් කරුණාරත්න ඇ. බ්ලුන්ඩෙල් ප. විලියම් ඕ‘ රූකී 02
දිනේෂ් චන්දිමාල් ඇ. බ්‍රාක්වෙල් ප. සවුති 39
ඇන්ජලෝ මැතිව්ස් ඇ. බ්ලුන්ඩෙල් ප. විලියම් ඕ‘ රූකී 36
කමිඳු මෙන්ඩිස් ඇ. මිචෙල් ප. පටෙල් 114
ධනංජය ද සිල්වා ප. පිලිප්ස් 11
කුසල් මෙන්ඩිස් ඇ. සවුති ප. පිලිප්ස් 50
රමේෂ් මෙන්ඩිස් නොදැවී 14
ප්‍රභාත් ජයසූරිය නොදැවී 00
අතිරේක 18
එකතුව ඕවර් 88කදී කඩුලු 7කට ලකුණු 302

කඩුලු බිද වැටිම: 1 -20, 2 – 33, 3 – 88, 4- 106, 5- 178, 6 – 281, 7 – 302

පන්දු යැවීම: සවුති 14 – 2 – 48 – 1, ඕ‘ රූකී 17 – 4 – 54 – 3, පටෙල් 18 – 3 – 58 – 1, සැන්ටර් 19 – 2 – 64 – 0, පිලිප්ස් 18 – 0 – 52 – 2, රවීන්ද්‍රා 2 – 0 – 12 – 0

අද තරගයේ දෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee