slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2024
කැපවීම ප්‍රතිඵලවලින් දැන් පෙනෙනවා – චරිත් අසලංක

sinhala editor

 මෙරට තණතිලි උසස් මට්ටමක පවතින බව ලකුණු පුවරු දෙස බලන විට පෙනී යන බව පවසන ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කැපවීමෙන් සහ දැඩි මහන්සියකින් ලත් ප්‍රතිඵල දැන් පෙනී යන්නේ යැයි ද පවසයි.

 මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමත් පන්දු යැවීමත් ඉහළම මට්ටමක පවතින බව පවසන ශ්‍රී ලංකා නායකයා ක්‍රීඩකයනට ක්‍රීඩා කිරීමේ දී ලබා දී ඇති නිදහස උසස් මානසික සුවය ඊට ප්‍රධාන වන්නේ යැයි ද කියයි.

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවැති තෙවන එක්දින තරගයෙන් කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් ද තරගාවලිය තරග 2 – 1කින් ජය ගැනීමෙන්දපසුව චරිත් අසලංක එසේ තම අදහස් පළ කළේය.

 වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක “අපට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් මෙරටදී  තරගාවලියක දී පහසුවෙන් පරාජය කිරීමට අවස්ථාව උදා වුයේ සකස් කළ සියලු සැළසුම් සාර්ථක කර ගැනීමෙන්“ යැයි ද කීවේය.

 “ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවට පහර දෙන ස්ථාන සහ පන්දු යවන්නන් පිළිබඳව මේ වන විට ස්ථිර ස්ථාන සකසා තිබෙනවා. ඒ වෙනුවට දක්ෂ අතිරේක ක්‍රීඩකයන් පිරිසක් මේ වන විට සකස් වී තිබීම සතුටට කරුණක්. ඕනෑම දක්ෂම කණ්ඩායමක පසුබිමත් එයයි“

 “භානුක රාජපක්ෂ මැදපෙළ අවසන් පෙළට එක් කිරීමෙන් එම ස්ථානත් ශක්තිමත් වුවා. අපට දැන් අවශ්‍යව ඇත්තේ වේගපන්දු යැවීම තවත් මඳක් ශක්තිමත් කර ගැනීමයි“.

 “වසර ගණනාවක සිටම අපගේ පන්දු යැවීමේ ශක්තිය දඟපන්දු යැවීමයි. දැනුත් එය ඔප්පු වනවා. මේ වන විට වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දඟපන්දු යැවීමේ දී ඉටු කරන්නේ සුවිශාල මෙහෙවරක්. වනිඳු සාර්ථක වන දිනයන්හි දී ඔහුට තනියම හෝ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට හැකි තරම් හොඳින් පන්දු යවනවා“.

 “මෙරට තණතිලි උසස් මට්ටමක පවතින බව ලකුණු පුවරු  දෙස බැලීමේදීම අපට පෙනී යනවා. දෙවන තරගයේ දී ලකුණු 162ක් රැස් කළ අප තෙවන තරගයේ ලකුණු 166ක් රැස් කළේ පිතිකරුවකු පමණක් දැවී තවත් පන්දුවාර දෙකක්ම ඉතිරිව තිබියදීයි.“

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ තරගයේ දී ලකුණු 140 – 150කට සීමා කර ගත හැකි වෙතැයි අප විශ්වාස කළත් එක පන්දු වාරයක දී ඔවුන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා එය වෙනස් කර ගත්තා. එහෙත් අපගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට සබඳතාවයත් පසුව පැමිණි කුසල් ජනිත් පෙරේරාගේ අර්ධ ශතකයත් අපට පහසුම ජයග්‍රහණයකට මඟ පාදා දුන්නා“.

“හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවකු තරගය නිම වන තුරු කඩුල්ලේ රැඳී ජයග්‍රහණය තෙක් පන්දුවට පහර දිය යුතුය යන්න අප මේ වන විට පිතිකරුවනට පවසා තිබෙනවා. එය එලෙසම ක්‍රියාත්මක වීම ගැන සතුටුයි.“

“ක්‍රීඩකයනගේ මානසික මට්ටම උසස් මට්ටමක පවත්වා ගැනීමට සහ නිදහසේ ක්‍රීඩා කිරීමට මේ වන විට ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අවස්ථාව ලබා දී තිබීම අපගේ සාර්ථකත්වයට තවත් හේතුවක්. කණ්ඩායමේ සාර්ථකත්වයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ක්‍රීඩකයන්ගේ සම්පූර්ණ සහය ලැබීම බව“ ද චරිත් අසලංක ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • ටී-10 උණුසුම දෙසැම්බර් 12 වැනිදා පල්ලේකැලේදී ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
  • නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි
    නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති […]
  • නවසීලන්ත පිලෙන් කොටසක් එයි
    පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් […]
  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]
  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee