slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2024
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ.

විස්සයි-20 තරග රිද්මය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව දෙරට අතර පවත්වා ඇති ද්වී පාර්ශ්වික විස්සයි-20 තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගාවලි ජයක් වර්තා කරන ලද පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත විය. මෙම තරගාවලියට පෙර දෙරට අතර විස්සයි-20 තරගාවලි 3 ක් පවත්වා ඇතත් එම තරගාවලි ත්‍රිත්වයම ජය ගැනීමට කොදෙව්වෝ සමත්වී තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අද දිනයේදී තරගාවලි පරාජයටක ඇද දමන ලද්දේ විස්සයි-20 ජගත් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ රැදී සිටි කොදෙව් කණ්ඩායමයි. තරගය පැවැති ඔක්තෝම්බර් 17 වැනිදා දිනට යෙදී තිබූ පෝය දිනය හේතුවෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකයින් ඉදිරියේ සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය සපුරා ගත්තේ පන්දු 12 ක් සහ කඩුුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබා ගනිමිනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් කුසල් මෙන්ඩිස් තම නොබිඳුණු ලකුණු 68 ක ඉනිම වෙනුවෙන් පන්දු 50 ක් වැය කරද්දී කුසල් ජනිත්ගේ නොබිඳුණු ලකුණු 55 ක ඉනිම සඳහා ඔහු පන්දු 36 ක් වැය කළේය. මොවුන් දෙදෙනා එක්ව ප්‍රතිවාදී පන්දු යවන්නන්ට හයේ හර 3 ක් සහ හතරේ පහර 12 කින් සංග්‍රහ කර තිබිණ.

කුසල් පෙරේරා පිටියට පිවිසීමට පෙර අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළුණු පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 22 කදී ලකුණු 39 ක් රැස් කරමින් ජයග්‍රහණයට අවශ්‍ය බාධක බිඳ දැම්මේය. පැතුම්ගේ වේගවත් ඉනිම හේතුවෙන් ඔහු මුලු ලකුණු සංඛ්‍යාව 60 ක්ව තිබයදි පිටියෙන් ඉවතට යන විටත් ලකුණු පුවරුවේ යවා අවසන්ව තිබුණේ පන්දුවාර 5 කුත් පන්දු 2 ක් පමණි.

අනතුරුව පැමිණි කුසල් මෙන්ඩිස් ලකුනු 106 ක සම්බන්ධතාව සදහා කුසල් මෙන්ඩිස් සමඟ පන්දු 78 ක් පමණක් වැය කළහ. තරග 3 දීම ලකුණු අතර සිටි පැතුම් නිස්සංක තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලබද්දී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑම සඳහා ආරම්භයේ සිටම අවසානය වන තෙක් කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් පිදුම් ලැබීය.

වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ප්‍රතිවාදී පිලට අභියෝගයක් එල්ල කිරීමේ අභිලාෂයෙන් කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වූයේ අනපේක්සිත ලෙස ලකුණු 62 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනෙකුම දැවී යෑම හේතුවෙනිි. කෙසේ වෙතත් හය වැනි කඩුල්ලට එක් වූ රෝමන් පවෙල් සහ ගුඩාකේෂ් මෝති එක්ව පන්දු 26 කදී ලකුණු 54 ක් රැස් කරමින් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව ඈතට රැගෙන යෑමෙ වෙනුවෙන් අඩිතාලම එක් කළහ. එම සම්බන්ධතාවයෙන් තව තවත් ශක්තිමත් වූ කොදෙව් පසු පෙළ පිතිකරුවෝ අවසන් පන්දුවාර 5 දීත් ලකුණු 51 ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා අභියෝගය ලකුණු 163 ක් තරම් ඈතට රැගෙන ගියහ.

දඟ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීම නිසා මතීෂ පතිරණට පන්දුව අතට ගැනීමට 16 වැනි පන්දුවාරය තෙක් බලා සිටීමට සිදුවිය. කෙසේ වෙතත් තමන්ට ලද පන්දුවර 2 දී ඔහු එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවේය. ඔහුට අමතරව ක්‍රීඩා කරන ලද අනෙක් වේග පන්දු යවන්නා වුණු නුවන් තුෂාර තරමක ප්‍රහාරයක් එල්ල කිරීමට කොදෙව් පිතිකරුවන් සමත්වූයේ ඔහු යවන ලද පන්දුවාර 2 දී ලකුණු 27 ක් ලබා ගනිමිනි. දඟ පන්දු යවන්නන් අතරින් මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දෙවැනි තරගයේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු දුනිත් වෙල්ලාලගේ විසින් අද දිනයේ යවන ලද තරගයේ 15 වැනි පන්දුවාරයේදී කොදෙව් පිතිකරුවන් ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වීම එම ඉනිමේ කැපී

පෙරමුණ බිඳ වැටුණු කොදෙව් ඉනිම ගොඩ ගැනීමේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ දුනිත් වෙල්ලාලගේ විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ 15 වැනි පන්දුවාරය විය. 14 වැනි පන්දුවාරය අවසන් වන විටත් ලකුණු 86 ක් ලෙස සනිටුහන් වුණු කොදෙව් ඉනිමේදී එම පන්දුවාරයේදී ලබා ගන්නා ලද ලකුණු 25 ත් සමග ඉනිමට පන්නරයක් ලැබිණ. එම පන්දුවාරයේ පළමු  පන්දුව හතරේ සීමාවට යැවූ මෝති අනතුරුව තවත් හයේ පහර 4 කින් වෙල්ලාලගේට සංග්‍රහ කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 162 යි

බ්‍රෙන්ඩන් කිං 23, එවින් ලුවිස් 00, ෂායි හෝප් 18, රොස්ටන් චේස් 08, ෂෙෆ්‍රන් රදර්ෆර්ඩ් 06, රොව්මන් පවෙල් 37, ගුඩාකේෂ් මොති 32, රොමාරියෝ ෂෙපර්ඩ් 18, ෆේබියන් ඇලන් 04, අල්සාරි ජෝසප් 02, මහීෂ් තීක්ෂණ 19/2, නුවන් තුෂාර 27/1, වනිදු හසරංග 24/2, කමිදු මෙන්ඩිස් 21/1, චරිත් අසලංක 14/1, මතීෂ පතිරණ 15/1

ශ්‍රී ලංකාව පන්දුවාර 18 කදී කඩුල්ලක් දැවී ලකුණු 166 යි

පැතුම් නිස්සංක 39, කුසල් මෙන්ඩිස් 68*, කුසල් පෙරේරා 55*, ගුඩාකේෂ් මොතී 31/1

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee