slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2024
චමිඳු එක්දින සංචිතයට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිිංහව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට චමිඳු එක්ව සිටින්නේ එක්දින තරගවලට කෝඩු කාරයෙක් ලෙසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් දිනා ගත්තද චමිදු තවමත් එක්දින තරගයකට ක්‍රීඩා කොට නොමැත. තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට ප්‍රියතාවයක් දක්වන චමිඳු වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ඇතැම් අවස්ථා කීපයකදී ආරම්භක පිතිකරුවකු ලෙසින්ද කටයුතු කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු සතු ලකුණු ලබා ගැනීම මෙන්ම වේග පන්දු යවන්නකුගේ සතු හැකියාව මෙම තරගාවලියේදී ගත හැකි ප්‍ර යෝජනය සලකමින් ඔහුව සංචිතයට එක් කොට තිබේ.

කෙසේ වෙතත් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය එක්දින තරග සංචාරයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි මතීෂ පතිරණව ඉවත් කර තිබීම කැපී පෙනෙයි. එමෙන්ම ඊයේ පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් සමග නොබිඳුණු ලකුණු 108 ක සම්බන්ධතාවක් පවත්වමින් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් කුසල් පෙරේරා ද නම් කරන ලද එක්දින කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 20 වැනි ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 23 වැනිදාත් තෙවැනි තරගය 26 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්.

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

USD United States (US) dollar