slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2024
නිලක්ෂිකාගෙන් දැවැන්ත ප්‍රහාරයෙන්
යුද හමුදාවට ලකුණු 318ක විශිෂ්ට ජයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත්වූවාය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිලට ලකුණු 318ක දැවැන්ත ජයක් හිමිවිය.

35 හැවිරිදි නිලක්ෂිකා ද සිල්වා ටැමිල් යූනියන් පිලට එරෙහිව පන්දු 110කදී හයේ පහර 6ක් හා හතරේ පහර 17ක් සමඟ මෙලෙස දක්ෂතා දැක්වූ අතර, යුද හමුදා පිලේ නිමේෂා මධුෂාණි ලකුණු 7කට කඩුලු 4ක් බිඳහෙලා ගැනීමට සමත් වූ අතර, අචිනි කුලසූරිය හා සඳනි ද සිල්වා කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 375 (ඕවර් 50)
නිලක්ෂි ද සිල්වා නොදැවී 189, අනුෂ්කා සංජීවනී 22, ඉමල්කා මෙන්ඩිස් 16, නෙත්මි පුර්ණා 67, උදයංගනී ද සිල්වා 43, අතිරේක 20 (දිනිති නාගසිංහ 49/1)

ටැමිල් යූනියන් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 57 (ඕවර් 25.4)
යෙනුලි සත්නදී 22, වරුණි සුභාෂිණී 11, අතිරේක 18 ( නිමේෂා මධුෂාණි 7/4, අචිනි කුලසූරිය 21/2, සඳනි ද සිල්වා 10/2)

නාවික හමුදාවට ලකුණු 235ක දැවැන්ත ජයක්

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල කඩුලු 7ක් දැවී ලකුණු 295ක් ලබාගත් අතර, කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිල ලකුණු 60කට සීමාවිය. නාවික හමුදාවේ හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතකයක් වාර්තා කළ අතර, සත්‍යා සංදීපනී, ඉනෝකා රණවීර හා රශ්මි සිල්වා කඩුලු 2 බැගින් බිදහෙලුහ.

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල කඩුලු 7ක් දැවී ලකුණු 295 (ඕවර් 50)
හසිනි පෙරේරා 48, ප්‍රසාදිනී වීරක්කොඩි 23, හර්ෂිතා සමරවික්‍රම 78, සත්‍යා සංදීපනී 41, නිලක්ෂණා සඳමිණි 34, රශ්මි සිල්වා නොදැවී 29, අතිරේක 30 ( නෙත්මි උපේක්ෂා 46/2, ධනුලි තෙන්නකෝන් 58/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 60 (ඕවර් 39.2)
දින්‍යා ගමගෙදර 14, දනෝද්‍යා සෙව්මිණි නොදැවී 21, අතිරේක 10 (සත්‍යා සංදීපනී 14/2, ඉනෝකා රණවීර 12/2, රශ්මි සිල්වා 13/2)

ගුවන් හමුදාවට කඩුලු 9ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති සීසීසී හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගයේදී ගුවන් හමුදාවට කඩුලු 9ක ජයක් අත්විය. මෙම තරගයේදී ගුවන් හමුදා කාන්තා පිලේ මල්ෂා ෂෙහානි නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ අතර, අමා කාංචනා හා ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිදහෙලා ගත්හ.

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල ලකුණු 72 (ඕවර් 42.3)
නෙත්මි විදුෂිකා 17, ලිමී තිලකරත්න 13, අතිරේක 11 (අමා කාංචනා 8/3, ඉනෝෂි ප්‍රනාන්දු 9/3)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල කඩුලු 1ක් දැවී ලකුණු 73 (ඕවර් 9.3)
සඳුනි අබේවික්‍රම 12, මල්ෂා ෂෙහානි නොදැවී 60

කෝල්ට්ස් පිලට ජය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ නිමාවූ කෝල්ට්ස් – එස්එස්සී කාන්තා කණ්ඩායම් අතර තරගයේදී නිලක්ෂි කාවින්ද්‍යා කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල වෙනුවෙන් ලකුණු 35ක් හා ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳහෙලා දස්කම් දැක්වීම කැපී පෙණුනි. කෝල්ට්ස් පිලේ චමරි ලක්ෂාණි, නෙත්මි සංජනා, දුලංගා දිසානායක හා නිලක්ෂි කාවින්ද්‍යා කඩුලු 2 බැගින් බිඳහෙලූහ.

එස්එස්සී කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 49)
අසෙනි තලගුණේ 18, ඉරේෂා ශ්‍යාමලී 10, හිරුණි දිසානායක 23, රංගිකා ප්‍රනාන්දු 20, නදීෂා දිල්රුක්ෂි 15, අතිරේක 23 ( චමරි ලක්ෂාණි 28/2, නෙත්මි සංජනා 18/2, දුලංගා දිසානායක 16/2, නිලක්ෂි කාවින්ද්‍යා 29/2)

කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 136 (ඕවර් 41.1 )
නිලක්ෂි කාවින්ද්‍යා 35, පබසරා දෙව්මිණි 11, දුලංගි දිසානායක 16, සඳලි සෙනාරා නොදැවී 11, උදේනි කුරුප්පුආරච්චි නොදැවී 16, අතිරේක 28 ( හානිකා සත්‍යාංගනී 20/2, නිරාෂා ගිම්හානි 8/2)

හලාවත මේරියන්ස්ට කඩුලු 4ක ජයක්

එන්සීසී පිටියේ පැවැති එන්සීසී – හලාවත මේරියන්ස් කාන්තා කණ්ඩායම් අතර තරගයේදී හලාවත මේරියන්ස්ට කඩුලු 4ක ජයක් හිමි විය. මෙම ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන් හලාවත මේරියන්ස් කාන්තා පිලේ කවීෂා දිල්හාරි ලකුණු 9කට කඩුලු 4ක් බිද හෙලා දස්කම් දැක්වූවාය. එයට අමතරව සඳුනි නිසංසලා හා සුලේෂා සත්සරණි කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

එන්සීසී කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 85 (ඕවර් 40.1)
ඉෂිනි සොයිසා 10, හර්ෂණී විජේරත්න 18, අතිරේක 28 (කවීෂා දිල්හාරි 9/4, සඳුනි නිසංසලා 12/2, සුලේෂා සත්සරණි 11/2)

හලාවත මේරියන්ස් කාන්තා පිල කඩුලු 6ක් දැවී ලකුණු 86 (ඕවර් 19.5) දෙව්මි විහංගා 13, මනුදි නානායක්කාර 13, කවීෂා දිල්හාරි 20, අතිරේක 16 ( රශ්මි තාරුකා 17/2, මල්ෂා නිරාෂා

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee