slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2024
පැතුම්ගේ සහභාගිත්වය දෙවැනි තරගයටත් අවිනිශ්චිතයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (23 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙම තරගය සඳහා කොදෙව් කණ්ඩායම් පෙරවරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේදීධ ඉතාම හොඳින් සිය පුහුණුවීම් වල නිරතව සිටියහ. ඒ සියල්ලම එපරිද්දෙන් පැවැතෙද්දී හෙට තරගයේ තීරණාත්මකම සාධකය බවට පත්ව තිබෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණය අවට කාලගුණය කොයි ආකාරයෙන් හැසිරේවිද යන්න පිළිබඳව වේ. මන්ද යත් අද දිනය පුරාම ක්‍රීඩාංගණය වටා වූ අහස වළාකුළුවලින් බරප තිබීමයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයකටද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත්, එම තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 185 ක් ලබා සිටින අතරතුරදී තරගයට වර්ෂාවේ බාධා පැමිණුනු බැවින් නැවත කොදෙව් ඉනිම ආරම්භ කිරීමට නොහැකි විය. එබැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලකුණු 232 ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් එය පන්දුවාර 32 ක් ඇතුළත අවසන් කිරීමට සමත්වූයේ විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකා මාතාව ඉදිරියේ සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකාවට ඉදිරි ක්‍රිකට් දින දර්ශනය ඉතාමත් කාර්ය බහුල එකකි. කොදෙව් පිලට එරෙහි එක්දින තරග 2 න් අනතුරුව නවසීලන්ත කණ්ඩායම පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. එහෙත් ඒ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් තරගාවලි දෙකක් වන්නේ දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 4  වේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන එම ටෙස්ට් තරග 4 තීරණය එම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තීරණාත්මකය.

එබැවින් පැතුම් නිස්සංක වැන්නෙක් එක්දින තරගයකට සහභාගි කරවමින් වැඩි ටෙස්ට් තරගාවලි දෙක සඳහා ක්‍රීඩා කරවමින් වැඩි අවධානමක් ගැනීමට ශ්‍රී ලංකා තේරීම්වල උනන්දුවක් නොමැති බව හෙට තරගය වෙනුවෙන් අද පල්ලේකැලේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒත්තු ගැන්විණ. ඒ සඳහා පැමිණි පියල් විජේතුංග මහතා සඳහන් කර සිටින ආකාරයට පැතුම් හෙට තරගයට ක්‍රීඩා කරවීමද වැටඋඩ තත්ත්වයකි.

“අපි තවම සිලේක්ෂන් එක කරලා ඉවර නෑ. අපි එයාව (පැතුම්ව) ට්‍රේන් කරලා ඉවර වෙලා තමයි ෆිට්නස් ලෙවල් එක බලන්නේ හෙට මැච් එකට ක්‍රීඩා කරනවාද නැද්ද කියලා. ඒ එක්කම ෆිසියෝ රිපෝර්ට් එකත් එක්ක එයාගේ තත්ත්වය හොඳ වුණොත්, අපි කවුරුත් දන්නවා එයාට සයිඩ් එකට එන එක ප්‍රශ්නයක් නෑ කියලා. එයාව ට්‍රේන් කරලා බලන්නේ ෆිට්නස් ලෙවල් කොහොමද කියලා. ඒ ඇරෙන්නට එයා ක්‍රීඩා කරවනවද කියන එක තවම හරියට තීරණය කරලා නැහැ“ යි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියේය.  

පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය. ඒ වෙනුවට ඉනිම ආරම්භ කරන ලද්දේ නිශාන් මදුෂ්ක විසිනි. එම තරගය නිශාන්ගේ මංගල ඒක්දින තරගය වූ අතර එහිදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට මදුෂ්ක සමත්වීම කැපී පෙනිණ.

කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා පිල සිදුකරන ලද පුහුණුවීම් වලදී පැතුම් නිස්සංක පන්දුවට  පහර දීමේ  පුහුණුවීම් වල නිරතවූවේය. ඒ එහෙත් සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානයෙන් නම් නොවේ. ආබාධය හේතුවෙන් සම්බාහනය කිරීමකට යොමුවූ පැතුම් අනතුරුව පැමිණ පන්දුවට පහර දීමේ පුහුණුවීම් වල නිරත වූයේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි හෝ 5 වැනි පිතිකරුවාගේ ස්ථානයෙනි. එම තත්ත්වය මත ඔහුට නව පන්දුවෙන් සිදුකරනු ලැබූ පුහුණුවීම් ද මඟ හැරුණි.

එබැවින් කළින් සඳහන් කළාක් මෙන් එක්දින තරගයකට යොදවා පැතුම්ගේ සේවය අවධානමකට යොමු කරවනවාට වඩා මේ තරගාවලියේදී ඔහුව විවේක ගන්වා ටෙස්ට් තරගාවලිය සඳහා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ තත්ත්වයකට රැගෙන ඒම කණ්ඩායම් කලමනාකාරීත්වයේ මනාපය නොවනුමානය. හෙට තරගය සඳහා වන කණ්ඩායම් තේරීම වෙනුවෙන් තේරීම් කමිටු සාමාජිකයින් දෙපළක් වන තරංග පරණවිතාන මෙන්ම ඩිල්රුවන් පෙරේරාද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවී සිටි පුහුණු සැසියේ සාමාජිකයින් වූවේය. මෙහිදී වැඩි කාලයක් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, නායක චරිත් අසලංක සහ තේරීම් කමිටු සාමාජිකයින් දෙදෙනා පිටියේදී සාකච්ඡාවක නිරත ව සිටීම කැපී පෙනිණ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee