ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (23 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය පන්දුවාර 44 කට සීමාවෙමින් පැවැත්වේ. ප.ව. 4.15 ට උරගා බැලුණු කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව තරගය ප.ව. 4.30 ට ආරම්භ වනු ඇත.
අද තරගයේදී ශ්‍රී ලංකා පිල එක් වෙනස්කමක් සිදුකරමින් අවතීර්ණව සිටින්නේ පළමු තරගය ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සි වෙනුවට මහීෂ් තීක්ෂණව කණ්ඩායමට කැඳවමිනි.
තරගය ආරම්භවීමට පැයකට පමණ පෙර වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ක්‍රීඩාංගණ නිලධාරීන්ට මුලු ක්‍රීඩාංගණයම වැසි ආවරණ වලින් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිිය. කෙසේ වෙතත් තරගය නැවතත් ප.ව. 4.15 ට ආරම්භ කිරීමට විනිසුරුවරුන් තීරණය කර ඇතත් සමස්ථ තරගයේ පන්දුවාර සංඛ්‍යාව 50 තරගයක් නොව පන්දුවාර 45 ක තරගයක් ලෙසින් පැවැත්වීමට තීරණය විය. නැවතත් නැවතත් සිහින් පොද වැටුණු හේතුවෙන් තරය තවත් මිනිත්තු 15 ක් හෙවත් ප.ව. 4.30 ට ආරම්භ වන්නේ පන්දුවාර 44 ක තරගයක් ලෙසිනි.