slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අනුශූරයෝ වෙති.

sinhala editor

ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති  තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල කඩුලු 3ක් දැවී තවත් පන්දු 11ක් ඉතිරිව තිබියදී ලකුණු  134ක් ලබා ජය වාර්තා කළේය.

මෙවර තරගාවලිය පුරා කැපී පෙ‍ෙන පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත තරග 15කදී කඩුලු 15ක් බිදහෙලා තරගාවලියේ වැඩිම කඩුලු බිඳහෙලාගත් පන්දු යවන්නා බවට පත්වී ‘හොදම පන්දු යවන්නට හිමි සම්මානය දිනා ගැනීම කැපී පෙණුනි.

ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පි‍ලේ ආරම්භක පිතිකරු සෙඩිකුල්ලා අටල් පන්දු 55කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 55ක් ලබා තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ඔහුට අනගි සහයක් දුන් කරීම් ජනට් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 47කදී හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 64ක් ලබාගත් අතර, පවන් රත්නායක පන්දු 21කදී හයේ පහරක් සමඟ ලකුණු 20ක් හා නිමේෂ් විමුක්ති පන්දු 19කදී හ‍ේ හා හතරේ පහර බැගින් එල්ලකොට ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූහ.

මුල් කඩුලු 4ක් ලකුණු 15කට බිද වැටී අසීරුතාවට පත්ව ඇති මොහොතේ සහන් ආරච්චිගේ හා නිමේෂ් විමුක්ති එක්ව හයවැනි කඩුල්ලට පන්දු 32කදී ලකුණු 42ක් එක් කිරීමට සමත් වූහ. 8 වැනි කඩුල්ලට සහන් ආරච්චිගේ හා දුෂාන් හේමන්ත පන්දු 14කදී ලකුණු 25ක ‍නොබිඳණු සම්බන්ධතාවයෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම නිමාවට පත් විය. වෙනදා ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ වාර්තා වන ඉදිරිපෙළ ලකුණු සබඳතා අවමවීම ලකුණු පුවරුවට බලපෑම් ඇති කළේය. පළමු පවර් ප්ලේ ඕවර් 6දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 25ක් වාර්තා වුණි. ඇෆ්ගනිස්තාන ‘ඒ‘ ඉනි‍මේ පළමු පවර් ප්ලේ අවස්ථා‍වේ  ඕවර් 6කදී කඩුල්ලක් බිඳ වැටී ලකුණු 43ක් වාර්තාවී තිබිණි.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 133 (ඕවර් 20)

සහන් ආරච්චිගේ නොදැවී 64, පවන් රත්නායක 20, නි‍මේෂ් විමුක්ති 23 (ඒ. එම්. ගසාන්ෆර් 14/2, බිලාල් සාමි 22/3)

ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු 3ට ලකුණු 134  (ඕවර් 18.1)

සෙඩිකුල්ලා අටල් නොදැවී 55, ඩාවිස් රසෝලි 24, කරීම් ජනට් 33, මොහොමඩ් ජෂාක් නොදැවී 16 (සහන් ආරච්චිගේ 8/1,  දුෂාන් හේමන්ත 26/1, එෂාන් මාලිංග 20/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee