slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නොවැම්බර් මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ සියලුම තරග ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙනු ඇත. පළමු තරගය නොවැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ද දෙවැනි තරගය නොවැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වාද පැවැත්වේ.

අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනිදාත් තෙවැනි තරගය 29 වැනිදාත් පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
නොවැම්බර් 11-14පළමු සිව් දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් මස 18-21දෙවැනි සිව්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 25පළමු එක්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 27දෙවැනි එක්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 29තෙවැනි එක්දින තරගයඉස්ලාමාබාද්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee