slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2024
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. මෙම තත්ත්වය නිසාම මූලික වටය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය.

තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන්ගේ  පන්දු හමුවේ පන්දුවාර 19.5 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ආෂා සෝභනා සහ අරුන්දතී රෙඩ්ඩි ලකුණු 19 කට කඩුලු 3 බැගින් දවාලූහ. ඔවුන්ට අමතරව ආරම්භක වේග පන්දු යවන්නිය වන රේනුකා සිංහ කඩුලු 2 ක් බිඳ හෙළුවාය.

විශිෂ්ඨ උඩපන්දු රැකීමත් සමඟ විශ්මි ගුණරත්න පිටියෙන් ඉවත් වද්දී පිට පිටම තෙවැනි වතාවටත් නායකත්වයේ වගකීම නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වූ චමරි ද ස්ලිප් ස්ථානය වෙත උඩ පන්දුවක් දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය මුලු මනින්ම අසාර්ථක කර දමමිනි.

කෙසේ වෙතත් ලකුණු 06 ක් තිබියදී තෙවැනි කඩුල්ල ලෙස හර්ෂිතාවද ශ්‍රී ලංකා පිලට අහිමිවීම තවත් දරාගත නොහැකි පාඩුවක් විය. කෙසේ වෙතත් කවීෂා දිල්හාරිට (21) එක්වූ අනුෂ්කා සංජීවනී (20) සිව්වැන් කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 37 ක් එක් කළද අනුෂ්කා දැවී යෑමත් සමඟ එම උත්සාහය අවසන් විය.

ඉන්දීය පිල රැස් කරන ලද ලකුණු 172 ලෝක කුසලාන තරගාවලියේ ණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. එ් වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ නායිකා හර්මන්ප්‍රිට් කෞර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් නොදැවී ලකුණු 52 ක් රැස් කළාය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි වෙහෙසට පත් කළ ආරම්ක පිතිකාරිණියන් යුගල වූ ෂෙෆලි වර්මා (430 සහ ස්මිත්‍රී මන්දනා (50) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 98 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ.

ඉන්දීය කාන්තා  පිල පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 172 යි

ෂෙෆලි වර්මා 43, ස්මිත්‍රී ම්දනා 50, හර්මන්ප්‍රීත් කෞර් 52*, ජෙමීමා රොඩ්‍රිගස් 16, රිෂා ඝෝෂ් 06*, චමරි අතපත්තු 34/1, අමා කාංචනා 29/1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි

අනුෂ්කා සජීවනී 20, කවීෂා දිල්හාරි 21, අමා කාංචනා 19, අරුන්දතී රෙඩ්ඩි 19/3, ආෂා සෝභනා 19/3, රේනුකා සිං 16/2, දීප්ති ෂර්මා 16/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee