slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2024
චමිඳු එක්දින සංචිතයට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිිංහව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට චමිඳු එක්ව සිටින්නේ එක්දින තරගවලට කෝඩු කාරයෙක් ලෙසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් දිනා ගත්තද චමිදු තවමත් එක්දින තරගයකට ක්‍රීඩා කොට නොමැත. තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට ප්‍රියතාවයක් දක්වන චමිඳු වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ඇතැම් අවස්ථා කීපයකදී ආරම්භක පිතිකරුවකු ලෙසින්ද කටයුතු කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු සතු ලකුණු ලබා ගැනීම මෙන්ම වේග පන්දු යවන්නකුගේ සතු හැකියාව මෙම තරගාවලියේදී ගත හැකි ප්‍ර යෝජනය සලකමින් ඔහුව සංචිතයට එක් කොට තිබේ.

කෙසේ වෙතත් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය එක්දින තරග සංචාරයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි මතීෂ පතිරණව ඉවත් කර තිබීම කැපී පෙනෙයි. එමෙන්ම ඊයේ පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් සමග නොබිඳුණු ලකුණු 108 ක සම්බන්ධතාවක් පවත්වමින් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් කුසල් පෙරේරා ද නම් කරන ලද එක්දින කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 20 වැනි ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 23 වැනිදාත් තෙවැනි තරගය 26 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee