slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට එති

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. ඕමානයේ අල් මරාට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී පන්දු 21ක් ඉතිරිව ලකුණු 137ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ලකුණු 20කින් පරාජයට පත්කළ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ ක්‍රීඩකයින්ට එරෙහිව හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග බිමට පිවිසෙති.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර, පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 45කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් සිව් වැනි කඩුල්ල සඳහා පන්දු 40ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට ඕමාර් යූසුප් හා හයිඩර් අලි සමත්වීමෙන් ලකුණු පුවරුව ඉහළට එසැවුණි.

ඕමාර් යූසුප් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 68ක් ලබාගත් අතර, හයිඩර් අලි ලකුණු 14කට දැවී ගියේය. මොහොමඩ් ඉම්රාන් පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟ ලකුණු 13ක් හා අරෆට් මින්හාස් පන්දු 8ක දී හතරේ පහරක් සමඟ ලකුණු 10ක් ලබා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් ප්‍රබල දස්කම් දැක්වූ තරගයේ වීරයා සම්මානය දිනාගත් දුශාන් හේමන්ත ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූහ. නිපුන් රංසික සහ එශාන් මාලිංග කඩුලු 2ක් බැගින් දවාගෙන පාකිස්තානුවන්ට පීඩනය වැඩි කළහ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස යශෝධ ලංකා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ ලකුණු 11ක් ලබා සිටියදී දැවී ගිය අතර, 2 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 64ක් ලබා ගැනීමට ළහිරු උදාර සහ අහන් වික්‍රමසිංහ සමත් වූහ. ළහිරු උදාර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 43ක් ලබාගත් අතර, නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 9කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ ජයග්‍රහණය වාර්තාවෙද්දී අහන් වික්‍රමසිංහ පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර, අනෙක් අන්තයේ සිටි සහන් ආරච්චිගේ පන්දු 16කෙදී හතරේ පහරක් සමඟ නොදැවී 17ක් ලබා සිටියේය.

පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 135 (ඕවර් 20) ඕමාර් යූසුප් 68, හයිඩර් අලි 14 ( නිපුන් රන්සික 21/2, එශාන් මාලිංග 28/2, දුශාන් හේමන්ත 21/4)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 137 (ඕවර් 16.3) ළහිරු උදාර 43, අහන් වික්‍රමසිංහ නොදැවී 53, සහන් ආරච්චිගේ නොදැවී 17 ( ෂිෆියාන් මුකීම් 27/1, අබ්බාස් අෆ්රිඩි 16/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee