slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ පිතිකරුවෝ අසාර්ථක වෙති

sinhala editor

නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානු ඒ පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්වින්දේය. මෙම තරගය ඕමාන්හි අල් ඇැමරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසනදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. ශ්‍රී ලංකා ඒ පිලට එරෙහිව අභියෝගාත්මක  පන්දු යැවීමක නිරත වුණු ෆරිදූන් දවුද්සායි ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර බිලාල් සාමි සහ මොහොමඩ් ඝන්ස්න්ෆර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 166 ක් ලබා ගත් අතර එහිදී සපිරි පිතිහරඹයක නිරත වුණු සුබේඩ් අක්බාරි (52) සහ සෙදිකුල්ලා අතාල් (83) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 142 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනංවනු ලැබීය.

පන්දු 46 කට මුහුණ දුන් සෙදිකුල්ලා හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිද්දී අනෙක් අර්ධ ශතක ලාභියා වූ අක්බාරි තම ඉනිම හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණ         දුෂාන් හේමන්ත තම පන්දුවාර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 6 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනුණේය.

මේ අතර ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයෙය් නායක නුවනිඳු ප්‍රනාන්දු වන අතර ඔහු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 51 ක් රැස් කළේය. ඔහුට අමතරව අහන් වික්‍රමසිංහ පන්දු 19 කදී ලකුණු 31 ක් රැස් කළේ තම ඉනිමට හතරේ පහර 3 ක් එල්ල කරමිනි. මොවුන් දෙදෙනාට අමතරව ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට එකම ශ්‍රී ලංකා ඒ පිතිකරුවකු සමත් නොවීම මෙම තරගයේ පැහැදිළිවම පරාජයට හේතු සාධක විය.

ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 166 යි

සුබේඩ් අකබාරි 52, සෙදිකුල්ලා අතාල් 83, දුෂාන් හේමන්ත 23/5

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණ 155 යි

යශෝධ ලංකා 15, නුවනිඳු ප්‍රනාන්දු 51, අහන් වික්‍රමසිංහ 31, ෆරිදූන් දවුද්සායි 40/3, බිලාල් සාමි 19/2, මොහොමඩ් ඝන්සන්ෆර් 19/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee