slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නොවැම්බර් මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ සියලුම තරග ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙනු ඇත. පළමු තරගය නොවැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ද දෙවැනි තරගය නොවැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වාද පැවැත්වේ.

අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනිදාත් තෙවැනි තරගය 29 වැනිදාත් පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
නොවැම්බර් 11-14පළමු සිව් දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් මස 18-21දෙවැනි සිව්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 25පළමු එක්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 27දෙවැනි එක්දින තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 29තෙවැනි එක්දින තරගයඉස්ලාමාබාද්

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee