slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2024
චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන අවසන් මහ තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව චරිත් ලකුණු 206 ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය.

පන්දු 142 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලබා ගත් ලකුණු 206 න් ලකුණු 144 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය. චරිත් තම ඉනිම,හයේ පහර 16 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් කර තිබුණේය.

පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම වේගයෙන් පන්දුවට පහර දීමට උනන්දුවක් දැක්වූ කලම්බු නායකයා තම පළමු ලකුණු 100 සඳහා පන්දු 92 කට මුහුණ දුන්නේය. අනතුරුව ද්විත්ව ශතකය කරා ගිය ගමනේදී රැස් කර ගන්නා ලද ඉතිරි ලකුණු 100 සඳහා චරිත් වැය කරන ලද්දේ පන්දු 48 ක් පමණි. කලම්බු ඉනිම හමාර වීමට පන්දු දෙකකට පෙර අසලංකා දැවී ගියේ ළහිරු මදුශංකගේ වේගපන්දුවක් හමුවේ විජයකාන්ත් වියස්කාන්ත් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට කලම්බු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 413 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. එයද නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

චරිත් අසලංකට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 126 ක් රැස් කර ගත් අතර ඊට ඔහු පන්දු 113 ක් වැය කළේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් අවිශ්කගේ ඉනිමට ඇතුළත්ව තිබිණ. මැදපෙළින් පැමිණි දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරතවෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 18 කදී ලකුණු 39 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. දසුන් එල්ල කරන ලද හයේ පහර 4 න් 3 ක්ම ඉසිත විජේසුන්දර විසින් ක්‍රියාත්මක කරන ලද 49 වැනි පන්දුවාරයේ පිට පිට  පන්දු 3 කදී එල්ල කරන ලද ඒවා විය.

කලම්බු ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 413 යි

චරිත් අසලංක 206, අවිශ්ක ප්‍රනාන්දු 126, කුසල් පෙරේරා 00, කුසල් මෙන්ඩිස් 01, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක 39*, චමිඳු වික්‍රමසිංහ 00, විශාඩ් රන්දික 01*, ළහිරු මදුශංක 77/2, මතීෂ පතිරණ 85/2, ඉසිත විජේසුන්දර 74/1

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee