slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2024
ටෙස්ට් තරගයේ පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව 5 වැනි තැනට

sinhala editor

ඩර්බන්න නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 233 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා පිතිකරුවන් මුල් ඉනිමේදී ලකුණු 42 කට දැවී නොයන්නට දෙවැනි ඉනිමේදී  පන්දුවට පහර දුන් ශෛල්‍යය දෙස නිරීක්ෂණය කිරීමේදී මීට වඩා යමක් කර ගැනීමට හැකියාව තිබූ බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ.කෙසේ වෙතත් ලකුණු 233 ක ජයක් සමගින් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙර මුණ ගැනීමට දකුනු අප්‍රිකානුවෝ අද පස්වරුවේදී සමත්වූහ.

මේ සමඟම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාවට පහත බැසීමට සිදුව තිබේ. මෙ මතරගයට පෙර 55.56% ක ජයග්‍රාහී ප්‍රතිශතකයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටියේ එම සටහනේ තෙවැනි ස්ථානයේය. කෙසේ වෙතත් මෙම ජයත් සමග පස්වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානුවෝ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 59.26% දක්වා වැඩි කරගනිමින් එම සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ලකුණු 516 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි දිනය අවසනදීම කඩුලු 5 ක් දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්විය. එහෙත් කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ධෛර්යවන්ත ලෙසින් පිති හැසිරවමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක් එක් කරමින් ශ්‍රී ලංකාව අගාධයෙන් ගොඩ ගත්හ.

මුලු ලකුණු සංඛ්‍යාව 196 දී ධනංජය ද දැවී ගිය නමුත් කුසල් මෙන්ඩිස් සමග එක්ව සටන අත් නොහළ දිනේෂ් චන්දිමාල් තරගය ඉදිරියට රැගෙන ගියහ. මෙහිදී චන්දිමාල්ද මුලු ලකුණු සංඛයාව 271 කදී දැවී යෑඹත් සමග ශ්‍රී ලංකා ඉනිම නිමාවීමට ගත වූයේ ලකුණු පුවරුවට ලකුණු 11 ක් එකතුවන කාල සීමාව පමණි.

මිනිත්තු 295 ක්  පුරා කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් පන්දු 174 කදට මුහුණ දෙමින් ලකුණු 83 ක් රැස් කළේ තම ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් කර මිනි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලබා ගත් ලකුණු 59 සඳහා ඔහු පන්දු 81 කට මුහුණ දුන්නේය. ඒ ඊට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ද ඇතුළත් කර දමමිනි.

පළමු ඉනිමේදී කඩුලු 6 ක් ද සමගින් දෙවැනි ඉනිමේදී ලබා ගත් කඩුලු 4 ද සමඟ සමස්ථ තරගයේ කඩුලු 10 ක් බිඳ හෙළූ මාකෝ ජැන්සන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar