නවසීලන්තයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. එම ප්‍ර වේශපත්‍ර කවුලුව රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියි.
ක්‍රීඩාංගණ ප්‍රධාන දොරටුවට අමතරව කොළඹ විද්‍යා මාවතේ පිහිටා ඇති විශේෂ ටිකට් කුටියෙන් සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශපත්‍ර කවුලුවෙන්ද මෙම තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත.
ප්‍රේක්ෂක තදබදය මඟහරවා ගැනීමේ අරමුණ ඇතිව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග ක්‍රියාත්මක දිනවලදී ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලු විවර නොකිරීමට වග බලා ගත්තේය.
කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රවේශපත්‍ර අධික මිල ගණන් යටතේ කලු කඩ මිලට අළෙවි කරන බවට පැමිණිලි ලැබීමෙන් පසු ක්‍රීඩා ලෝලීන් වෙත සෘජුවම සාමාන්‍ය මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි වන පරිදි සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රංගිරි දඹුලු ක්‍රීඩාංගණ ප්‍රධාන දොරටුවේ ප්‍රවේශපත්‍ර කවුළුව ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලදී.